ගෙවල්වල සෝලා පැනල ඇති නිසා ලංවිම ලොක්කන්ට ජනතාවගේ බිල තේරෙන්නේ නෑ

122
  • විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම්

විදුලිබල මණ්ඩලයේ බලධාරීන් ඇතුළු බහුතර ඉංජිනේරුවන්ගේ නිවාසවල සූර්ය පැනල (සෝලා) සවිකර ඇති නිසා ඔවුන්ට ජනතාවගේ විදුලි බිල තේරෙන්නේ නැතැයි විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය.

විදුලිබල මණ්ඩලය පාඩු ලබන බවට ප්‍රකාශ කළත්, සේවකයන් 26,000 ක් සිටියදී විදුලි සැපයුම, කණු සිටුවීම, විසන්ධි කිරීම, නැවත ලබාදීම, වාහන කුලියට ලබා ගැනීම් වැනි වියදම් අවම කර ගතහොත් රුපියල් කෝටි ගණනක් ඉතිරි කර ගත හැකි බවද ධම්මික මහතා කීය.

ඇමැතිවරයා විසින් ඉන්ධන සහ ගල් අඟුරු මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 600 ක් වැය වන බව ප්‍රකාශ කර තිබෙන බවත්, එම මුදල වැය කර සූර්ය සහ සුළං බලාගාර ඉදිකර මෙගාවොට් 300 ක් ලබා ගත හැකි නම් එය රටට වාසිදායක බවත් හෙතෙම පැවසීය. එහෙත් එවැනි ව්‍යාපාති සඳහා මුදල් ආයෝජනය කිරීමට මැලිකමක් පෙනෙන්නට තිබෙන බව ද සංජීව මහතා වැඩිදුරටත් කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment