ගෙවල් ඉල්ලුවා ගින්න ලැබුණා – මුළු සේසතම අහිමිවූ තොටළඟ කජීමාවත්තේ මිනිස්සු දුක කියති

285

අනේ දෙයියනේ අපේ මුළු සේසතම නැති වුණා. අපිට ඉතුරුවුණේ අළු දූවිලි විතරයි. බලධාරීන්ට අපි කී පාරක් කිව්වද ඉක්මනටම අපිට ගෙවල් දෙන්න කියලා. නමුත් ඒ අය මේ කිසිවක් ගණන් ගත්තේ නැහැ. ජනාධිපතිතුමනි, අපේ මේ දුක අහන්න. ඔබතුමාවත් මැදිහත්වෙලා අපිට ගෙවල් ටික ලබාදෙනවා නම් ලොකු පිනක්…” යැයි එච්. පී. සිරියලතා මහත්මිය හැඬූ කඳුළින් ඊයේ (28 දා) අපට පැවසුවාය.

ගෙවල් ඉල්ලුවා ගින්න ලැබුණා - මුළු සේසතම අහිමිවූ තොටළඟ කජීමාවත්තේ මිනිස්සු දුක කියති

තොටළඟ මෝදර උයන නිවාස සංකීර්ණය අසළ පිහිටි කජිමාවත්ත නිවාස පෙළක හටගත් ගින්නකින් එම නිවාස මුළුමණින්ම දැවී විනාශ වී යාමේ සිද්ධිය පිළිබඳව තොරතුරු සොයා ඊයේ ‘දිවයින’ එම වත්තට ගිය මොහොතේ ඇය එසේ කියා සිටියාය.

ගෙවල් ඉල්ලුවා ගින්න ලැබුණා - මුළු සේසතම අහිමිවූ තොටළඟ කජීමාවත්තේ මිනිස්සු දුක කියති

අප එහි යනවිටත් තමන්ගේ නිවාස විනාශ වීමෙන් කම්පනයට පත් නිවැසියන් හැඬූ කඳුළින් ඒ දෙස බලා සිටිනු දැකගත හැකිවිය.

එම දැවී විනාශ වූ බොහෝමයක් නිවාස ලෑලි නිවාස බව පරීක්‍ෂණ සිදුකරමින් සිටි අපරාධ පරීක්‍ෂණාගාරයේ (සොකෝ) නිලධාරීහු පැවැසූහ.

මෙහිදී තවදුරටත් කතාකළ සිරියලතා මහත්මිය මෙසේද කියා සිටියාය.

ගෙවල් ඉල්ලුවා ගින්න ලැබුණා - මුළු සේසතම අහිමිවූ තොටළඟ කජීමාවත්තේ මිනිස්සු දුක කියති

“මමයි, ගෙදර අයයි රූපවාහිනියේ ප්‍රවෘත්ති බලමින් හිටියේ. එතකොට වෙලාව රාත්‍රී 7.15 ට විතර ඇති. ඒ ඉන්න කොට අපේ හිතවතියක් කෑගහගෙන ආවා ගෙවල් ගිනිගන්නවා කරන්ට් එක ඕෆ් කරන්න කියලා. පස්සේ අපි කරන්ට් ඕෆ් කරලා එළියට පැනගත්තා. එක්තැන්වෙලා ඉන්න අම්මවත් උස්සාගෙන එළියට ආවා. අපි මෙහෙට ආවේ 2014 සැප්තැම්බර් මාසයේ. නාගරික සංවර්ධන අධිකාරියෙන් අපිට කිව්වා ගෙවල් දෙනවා එතකන් මෙහෙම ඉන්න කියලා. ඒ අය ගෙවල් දෙන්නේ නැහැ කියලා අපිට හැඟුණ නිසා අපි තුන්පාරක් බත්තරමුල්ලෙ තියෙන නාගරික සංවර්ධන අධිකාරියට ගිහින් කිව්වා ඉක්මනට අපිට ගෙවල් දෙන්න කියලා. ඒ වුණත් ඒ ගැන සැලකිල්ලක් දැක්වූවේ නැහැ. ඒ අය උනන්දුවෙලා ගෙවල් දුන්නා නම් අද අපිට මෙහෙම විපතක් වෙන්නේ නැහැ. අපේ දුක පාලකයන්ට නොපෙනීම කනගාටුදායකයි. ඒ නිසා අපි වත්මන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ ඔබතුමාවත් මැදිහත්වෙලා අපිට ගෙවල් දෙන්න කියලයි.

නිරෝෂනී සිල්වා මහත්මිය

“ ගෙවල් ගිනි ගත්ත තුන්වැනි අවස්ථාව මේ. කෙලවරකින් තමයි ගින්න පටන්ගත්තේ. මොකක් හරි ඉටිපන්දමක් හරි ගිනිකූරක් පත්තු කරන්න ගිහින් ගිනි ඇවිලුණාද දන්නේ නැහැ. හරියටම ගින්න ඇතිවුණේ කොහමද කියන එක තාම අපිට රහසක්. කොහොමත් විනාඩි කීපයක් ඇතුළත වෙන්න ඕන සියල්ල සිද්ධ වුණා. දැන් අපි ඉදිරියේ ජීවිතය ගෙවන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නය.

ජන්දෙ කාලයට එක එක අය බොරු පොරොන්දු දීලා ගියා. ඡන්දෙ ගත්තට පස්සෙ එකෙක් පැත්ත පළාතේ ආවේ නැහැ. හැබැයි මේ පාරනම් එන්න එපා කජිමාවත්තට. ජන්දෙ ඉල්ලන්න එනවානම් අපි ඔක්කොටම ගෙවල් ටික හදලා දීපල්ලා. මහින්ද මහත්තයා ජනාධිපති වෙලා ඉන්නකොට මාස දෙකෙන් අපිට ගෙවල් දෙනවා කිව්වා. ගෝඨාභය මහත්තයා ඉන්නකොට අපිට අවුරුදක් ඇතුළත ගෙවල් දෙනවා කියලා කිව්වා. නමුත් ඒ පොරොන්දු එකක්වත් ඉෂ්ට කළේ නැහැ.

ටී. එම්. මධුෂාණි මහත්මිය

“මේ ගින්න ඇතිවෙන කොට මමයි, දුවයි, පුතයි ගෙදර හිටියේ. ගෙවල් ගිනි ගන්නවෝ කියලා කට්ටිය කෑගහන සද්දෙට අපි ඔක්කොම එළියට පැනගත්තා. බඩු මොනවත් එළියට ඇද ගන්න බැරිවුණා. දුවගෙයි, පුතාගෙයි පොත් පත් ඔක්කොම ඉවරයි. අපිට ගෙවල් දෙනවා කියපු බලධාරීන් පොරොන්දුව හරියට ඉෂ්ට කළා නම් අද අපි අසරණ වෙන්නේ නැහැ. මේකට ඒ අය වගකියන්න ඕනේ. මේ සිද්ධියෙන් අපේ ජීවිත මහපාරටම වැටුණා.

එච්. පී. ඉන්ද්‍රාණි මහත්මිය

“අපේ ගේ ඔක්කොම ඉවරයි. ඇඳන්, අල්මාරි ඔක්කොම අලුවෙලා. දැන්වත් පාලකයන්ට කියන්නේ ඇස් ඇරලා බලපියව් කියලයි. මේ සිද්ධිය ගැනත් ඔවුන් ඇහැක් ඇරලා බලන්නේ නැත්නම් කවදාහරි ඒ අයට සොබාදහමෙන් දඬුවම් ලැබේවි. අද මේ සිද්ධියෙන් දරු පවුල් අනාථවෙලා.

සමී දේවරාණි මහත්මිය

“මුළු පවුලම ඉවරයි දෙයියනේ. අපේ උප්පැන්න සහතික, හැඳුනුම්පත්, සියල්ල අළුවෙලා. මගේ ගේ හදාගන්න හිතවතෙක් රුපියල් 13,000 ක් දීලා ගියා. ඒකත් ගින්නට අළුවුණා. මට දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. දැන් ඒ අය ජීවත්කරවන්නේ කොහොමද කියලයි මං කල්පනා කරන්නේ. අපේ දුක බලලා පාලකයනි දැන්වත් පිහිටවෙන්න.”

හේමාල් දිල්ෂාන් පුතා

“මම ශ්‍රී සංඝබෝධි විiාලයේ 8 ශ්‍රේණියේ ඉගෙන ගන්නේ. මේ ගින්න නිසා මගේ පොත් පත්, බෑග්, සපත්තු, ස්කූල් යුනිෆෝම් ඔක්කොම පිච්චිලා. දැන් මට ඉස්කෝලෙ ඇඳගෙන යන්න ඇඳුමක් නැහැ. මගේ වගේම තව මේ වත්තේ ඉන්න පාසල් යන මගේ යාළුවන්ගේ නංගිලා මල්ලිලාගේ අක්කලාගේ අයියලාගේ පොත් පත්, බෑග් ඔක්කොම විනාශයි. දැන් අපිට ඉස්කෝලෙ යන්නවත් විදිහක් නැහැ. අද අපි ඉස්කෝලේ ගියෙත් නැහැ අංකල්. හරිම දුකයි. අපි ඉගෙනගත්තු පොත් ටිකට වෙච්චි දේට.

කේ. කේ. සුදර්ශනී මහත්මිය

මට අවුරුදු 4 ක පුතෙකුයි අවුරුදු 9 ක දුවෙකුයි ඉන්නවා. අපේ ජීවිත අඳුරටම ඇදලා දැම්මා. හැම දෙයක්ම බඩු ගණන් ගිහින් තියෙන වෙලාවක අපිට තවත් කරදරයක් වුණේ. හැමදේම විනාශ වෙලා ඉවරයි. අන්තිමට අපිට ඉතුරු වුණේ ඇඳිවත විතරයි. දැන්වත් පාලකයෝ මැදිහත්වෙලා අපිට ස්ථිර නිවාස ලබාදෙන්න. මේ වත්තේ ඉස්කෝලෙ යන ළමයි කොච්චර ඉන්නවද. ඒ අයගේ පොත් පත්, බෑග් හැමදේම ඉවරටෙම ඉවරයි.

ජෝෂප් නෙල්සන් මහතා

දැන් අපේ ගෙවල් තුන් වතාවක් ගිනි ගත්තා. නමුත් හරි හේතුවක් මේ මිනිසුන්ට කියන්නේ නැහැ. මෙතන ඉන්න ඔක්කොම අය නැතිබරි අය. ඒ නිසා ඒ ගැන දැන්වත් විශේෂ අවධානයක් යොමුකරලා හරි ගෙවල් ලබාදෙන්න.

සඳලි නටාෂා දියණිය

“මම පහ ශ්‍රේණියේ මට්ටක්කුලිය මෙතෝදිස්ත විiාලයේ ඉගෙන ගන්නේ. මේ පාර පහේ ශිෂ්‍යත්ව විභාගය ලියන්න ඉන්නේ. ගින්න නිසා අපි ඔක්කොම අසරණයි.

නලින් රත්නායක මහතා

“අපිට කොහෙන් හරි ඉක්මනින්ම ගෙවල් දෙනවා නම් හරි. එක මුල්ලකින් ගින්න හටගත්තේ. දරුවන්ගේ ක්ලිනික් කාඩ් පොත් හැමදෙයක්ම ඉවරයි. වතුර බොන භාජන පවා ඔක්කොම ඉවරයි. නාගරික සංවර්ධන අධිකාරිය හරියට වැඩේ කළේ නැහැ. තමන්ගේ වගකීම හරියට ඉෂ්ට කළානම් අද මේ වගේ දුකකට අපි පත්වෙන්නේ නැහැ.

මීට පෙර පැවති මහින්ද රාජපක්‍ෂ රජයෙන් අපිව මෙතනට දැම්මේ මාස 6 කට විතරයි කියලයි. අන්තිමටම අවුරුදු 10 ක්ම මෙතනම ඉන්න වුණා.

මේ අනතුර සිදුවූ ස්ථානයට ඊයේ උදේ පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාට ජනතා විරෝධයක් එල්ල විය.

ඕගොල්ලෝ මොනවද අපිට කළේ. තේරුමක් නැහැ. දැන් මෙතනට ඇවිත්. මේ දෙවල් වෙන්න කලින් අපිට ගෙවල් දෙන්න තිබුණේ. ඒ නිසා ඔබතුමා යන්න. එක දේශපාලනඥයෙක්වත් අපිට දැන් වැඩක් නැහැ. ඔක්කොම බොරුකාරයෝ.”

මෙම ගින්නට හසුව නිවෙස් තුළ ඇතිකරමින් සිටි සුනඛයින්, බැළලුන්, කුකුලන් වැනි සතුන් මියගොස් සිටියහ.

යුද හමුදා විශේෂ බළකායේ සේනාවිධායක මේජර් ජෙනරාල් දීපාල් පුස්සැල්ල, බි්‍රගේඩියර් රොෂාන් ජයමාන්න, බි්‍රගේඩියර් මහේන් සල්වතුර ඇතුළු නිලධාරීහු ගින්න සිදුවූ කජිමාවත්තේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වන අයුරු අපට දැකගන්නට හැකි විය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ජූඩ් ඩෙන්සිල් පතිරාජ
 

advertistmentadvertistment
advertistmentadvertistment