ගෙවීම් ප්‍රමාද වුණොත් ණයට ගත් කඩදාසි ආපසු ගෙන යයි – රජයේ මුද්‍රණාලයාධිපතිනිය

168

මැතිවරණ කටයුතු සහ අනිකුත් මුද්‍රණ කටයුතු සඳහා ණයට ලබාගත් කඩදාසි ඇතුළු උපකරණ වෙනුවෙන් මුදල් ගෙවීම තවදුරටත් ප්‍රමාද වුවහොත් එම කඩදාසි සහ උපකරණ ඔවුන් ආපසු රැගෙන යෑමට ඉඩ ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය ‘දිවයින’ට (20 දා) ඊයේ කීවාය.

මෙසේ ණයට ලබාගත් කඩදාසි සහ උපකරණ වෙනුවෙන් සැපයුම්කරුට මිලියන 400 ක පමණ මුදලක් ගෙවිය යුතු බව ද ඇය සඳහන් කළාය.

එම ණය මුදල් ලබා ගැනීම සඳහා සැපයුම්කරු නඩු මඟට නොයන නමුත් රජයේ මුද්‍රණාලය පිළිබඳ විශ්වාසයෙන් ණය මුදල් ඉල්ලා කරදර නොකළ ද ඇතැම් විට එම කඩදාසි සහ උපකරණ ආපසු රැගෙන යෑමට ඉඩ තිබෙන බව ඇය කියා සිටියාය.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment