ගෙවුණු පැය 24 ට අධිවේගයේ ආදායම කෝටි තුනහමාර පනී

103

අධිවේගී මාර්ගයේ ධාවනය වූ වාහනවලින් පසුගිය පැය 24 තුළ රුපියල් කෝටි තුනහමාරක ආදායමක් ලැබී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් එල්. ටී. එස්. වීරකෝන් මහතා ‘දිවයින’ ට පැවසීය.

එම කාලය තුළ වාහන 126,760 ක් ධාවනය වී ඇති බව ද හෙතෙම කීය. සාමාන්‍යයෙන් අධිවේගි මාර්ගයේ ධාවනය වන වාහන සංඛ්‍යාව 90,000 කි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ, කොළඹ පිටත වටරවුම් මාර්ගයේ, කටුනායක අධිවේගී මාර්ගයේ හා මධ්‍යම අධිවේගී මාර්ගයේ ධාවනය වූ වාහනවලින් මෙම ආදායම ලැබී තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment