ගෙළිඔයදී අතුරුදන් වූ පොලිස් සැරයන්ගේ සිරුර මහවැලි ගගෙන් හමුවෙයි

717

රාජකාරී නිමකර නිවසට එමින් සිටි පොලිස් සැරයන්වරයකුගේ මළ සිරුර ගැටඹේ පාසල අසල මහවැලි ගෙඟ් තිබී ඊයේ (01දා) හමු වූ බව පේරාදෙණිය පොලිසිය පවසයි.

මහනුවර ගම්පොළ මාර්ගයේ ගෙළිඔය ප‍්‍රදේශයේදී පෙරේදා (30දා) අතුරුදන් වූ බව කියන පොලිස් සැරයන්වරයා පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකිව තිබියදී ඔහුගේ සිරුර ඊයේ හමුවී ඇත්තේ ගෙළිඔය සිට කිලෝ මීටර 10 ක් පමණ දුරින් තිබියදීය.

නල්ලතන්නිය පොලිසියට අනුයුක්තව රාජකාරී කරන ලද මෙම සැරයන්වරයා පසුගිය 29දා නිවසට එමින් සිටියදී ගෙළිඔය නගරයේදී අතුරදන්ව ඇති බවට ඔහුගේ බිරිඳ විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.

ගෙළිඔය නගරයේ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු ඔහු ජලයේ ගසා ගෙන ගියේද යන සැකය මත පොලිස් ජීවිත ආරක්ෂක අංශයේ නිලධාරීහු කණ්ඩායමක් ගෙළිඔය සහ මහවැලි ගඟ ආශ‍්‍රිත ප‍්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් දියත් කළහ.

මෙසේ මියගොස් ඇත්තේ ඒ. ඒ. සමරනායක (55)  නමැති දෙදරු පියෙකි. සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක විජිත් විජේකෝන් මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment