ගේ දොර විකුණලා ඈත පිටිසර ගමට ගිහින්

860

හීන්බණ්ඩා හරිම ධෛර්යවත් මිනිසෙක්. කුඩා කල කර්කශ දුප්පත් ජීවිතයක් ගත කළත්, ඔහු තරුණ කාලයේදීම අතමිට සරුකර ගත්තේ ගතේ සිතේ ශක්තියෙන්.

මොහු උපත ලැබුවේ පොලොන්නරුව, මැදිරිගිරියේ. මහපොළොව සමග හරි හරියට හැපුණු ඔහු මුලින්ම මිලදී ගත්තේ ට‍්‍රැක්ටරයක්. ඊට පස්සේ වෙළෙඳාමට බැස්ස ඔහු බලාසිටිද්දීම දියුණුවට පත්වුණේ ලක්ෂපතියෙක් වෙමිනි.

මොහු ගම අතහැර නිට්ටඹුවට ආවේ දරු දෙදෙනාට ඉගැන්වීමටයි. වාහන දෙක තුනක හිමිකාරයෙක් වූ ඔහු ව්‍යාපාර කිහිපයක හිමිකරුවෙකි.

මේ අල්ල පනල්ලේ ආ වසංගතත් සමග ඔහුගේ ව්‍යාපාර සමතලා වී ගියේ බලා සිටියදීය. වාහන එකින් එක විකුණා දැමූ ඔහු අවසානයේදී නගරයේ නිවස ද විකුණා දැමුවේ අන්ත අසරණ වෙමිනි.

‘‘නාලනී.., අපිට නගරය හරියන්නෙ නෑ. ගමට යං” පොලොන්නරුව බලා යන බසයට ගොඩ වූ ඔහු බිරිඳට කීවේ හෙට අනිද්දා වන විට මේ කොයි කවුරුත් ආයේ සරල ගැමි ජීවිතේ තෝරාගනු ඇතැයි කියාය.

පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment