ගොඨාගේ කොමිසම රනිල් දීර්ඝ කරයි

122

ප්‍රදේශ රැසකදී ඉකුත් මාර්තු 31 වැනිදා සිට මැයි මස 15 වනිදා දක්වා කාලය්දී සිදු කෙරුණු ගිනි තැබීම් ඇතුළු විනාශකාරී සිදුවීම් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම කාලය දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.
ඒ අනුව එහි කාලය ලබන නොවැම්බර් 30 වැනිදා දක්වා දීර්ඝ කරමින් ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසන් ඊයේ (23 වැනිදා) නිකුත් කර ඇත.
අදාළ විනාශකාරී සිද්ධීන් පිළිබඳ සොයා බලා ඒ පිළීබඳ වාර්තාවක් අගෝස්තු 31 දිනට පෙර ලබාදෙන ලෙස දන්වමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් අදාළ ජනාධිපති කොමිසම පත් කරනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment