ගොඩක් අය දන්නේ නැහැ මම සෝමසිරි මැදගෙදරගේ පුතා කියලා – යසස් මැදගෙදර

279

මට ‘අ’ යන්න කියන්න කලින් ගෙදරින් ඇහුණේ සංගීතය
රීමේක් කරනවා කියන එකේ වැරැද්දක් නැහැ…. මට එහෙම දෙයක් හිතට ආවොත් මම ඒක ගැනත් සලකා බලනවා

ප්‍රවීණ ගායකයකුගේ පුත් උරුමය ලද ඔහු සිය පියාගේ නම කොතැනකවත් සඳහන් නොකර ස්වාධීනව තමන්ට අවශ්‍ය ගමන ක්‍ෂේත්‍රය තුළ ගොඩනඟා ගැනීමට වෙහෙසන තරුණයෙකි. බටහිර සහ ශාස්ත්‍රීය සංගීතය එකට මුසු කරමින් තමන්ටම ආවේණික අනන්‍යතාවක් තරගකාරී සංගීතය ක්‍ෂේත්‍රය තුළ ගොඩනඟා ගන්නට සමත් ඔහු නමින් යසස් මැදගෙදරය. තාරුණ්‍යය ජයගත් යසස් මැදගෙදරගේ කුළුඳුල් චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය වූ ‘ආදරණීය ප්‍රාර්ථනා’ මේ දිනවල ලාංකේය සිනමාහල්වල ආදරණීය ලෙස තිරගත වේ. ඉතින් අපි යසස් මැදගෙදරට මේ ඉඩකඩ වෙන් කළේ ඔහුගේ සංගීත පරාසය ගැන කතාබහ කිරීමටය.

ගොඩක් අය දන්නේ නැහැ මම සෝමසිරි මැදගෙදරගේ පුතා කියලා - යසස් මැදගෙදර

● ඔබේ කුළුඳුල් සිනමා සංගීත අධ්‍යක්ෂණයෙන් මේ දිනවල තිරගත වන ‘ආදරණීය ප්‍රාර්ථනා’ සිනමා නිර්මාණයට ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාරද?

මුලින්ම සඳහන් කරන්න ඕනෑ, මට ලොකු සතුටක් මේ වෙලාවේ තියෙන්නේ. මොකද අපි හිතුවට වඩා ප්‍රේක්ෂක ප්‍රතිචාර මේ වෙනකොට ලැබෙමින් පවතිනවා. මම ජීවිතේටවත් හිතුවේ නැහැ අපි කරපු පළමු නිර්මාණයට මේ වගේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙයි කියලා.

● යසස්ගේ සංගීත වැඩකටයුතු කොහොමද?

මම දැන් ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු දොළහක් විතර වෙනවා. මම ක්‍ෂේත්‍රයට එන්නේ ගීත නිර්මාණය හරහා. මම විවිධ ගීත නිර්මාණය කරලා තිබෙනවා. ඒ අතුරින් මම කරපු ගීත ගොඩක් ජනප්‍රිය වෙලා තිබෙනවා. උදාහරණයක් විදිහට සංසාරිණී සඳහාරී භාතිය සන්තුෂ් ගායනා කරන රූ සරා, සේපාලිකාවෝ වැනි ගීත රැසක් තිබෙනවා. ඉතින් ඒ ගීත රැසක රූප රචනා සිදු කළේ වාසව බදුගේ. අපි දෙන්නට තිබුණ ලොකු සම්බන්ධයක්. දැන් මගේම ගීත ගායනා කරන්න ප්‍රසංගවලට සහභාගි වෙනවා. ඒ එක්කම මම චිත්‍රපටයකට සංගීතය අධ්‍යක්ෂණය කරපු පළමු අවස්ථාව මේක.

● ඔබ සෝමසිරි මැදගෙදරගේ පුතා කියලා වැඩිය කවුරුත් දන්නේ නැහැ නේද?

මම “අ” යන්න කියන්න කලින් ගෙදරින් ඇසුණේ සංගීතය. අපේ ගෙදර සෑහෙන ලොකු වපසරියක් තිබුණා. මට චූටි කාලේ ඉඳලා ඇහුණේ සංගීතය. තාත්තා හැමවෙලේම මාව තාත්තාගේ වැඩ කරනකොට එක්ක ගෙන ගියා. මට නිතරම හමුවුණේ තිරය පිටුපස ඉන්න කට්ටිය තමයි. මම ගොඩක් බැලුවේ සංගීත අධ්‍යක්ෂණය පැත්ත තමයි.

ගොඩක් අය දන්නේ නැහැ මම සෝමසිරි මැදගෙදරගේ පුතා කියලා - යසස් මැදගෙදර

● යසස් කාලයක් භාතිය සන්තුෂ් එක්කත් වැඩ කළා නේද?

ඔව්. මම සංගීත අධ්‍යක්ෂණය කරපු ගීතවලින් සියයට අසූවක්ම පද රචනයෙන් දායක වුණේ ෂෙහාන් ගලහිටියාව අයියා. ඔහුයි මායි ගීතයක් කළා. රූසරා කියලා ඒ ගීතයෙන් පස්සේ තමයි මට ඔවුන්ව අඳුර ගන්න ලැබුණා.

● යසස් දැන් නේද ගායකයෙක් විදිහට එළියට එන්නේ?

මම දැන් සින්දු කියන්නත් හරි ආසයි. මොකද මම ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාරවලටත් ආදරෙයි. මොකද මේ මෑතකදී ජීවිතයේ පළමුවැනි වතාවට තමයි අත්වින්දේ ඒ අත්දැකීම. ඒ හඳගම හන්දියේ පළමුවැනි ප්‍රසංගයේදී මට එදා තමයි තේරුණේ මට මෙච්චර ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා කියලා ඒක මාර දෙයක්.

● තාත්තා සෝමසිරි මැදගෙදර වීම ගැන මොකද හිතෙන්නේ?

මම සෑහෙන සතුටු වෙනවා ඒ වගේම මම හරි භාග්‍යවන්තයි එවැනි කෙනෙකුගේ පුතෙක් වීම ගැන. ඇත්තම කිව්වොත් මම මාව හොයාගෙන යන ගමනක ඉන්නේ.

● තාත්තායි පුතයි එකතු වෙලා යමක් කරන්න අදහසක් නැතිද?

ඉදිරියේදී බලමු. තාත්තාගෙත් ලස්සන ගීත තියෙනවා ගොඩක් කට්ටිය අහනවා තාත්තාගේ සින්දු කියන්නේ නැතිද කියලා. ඇත්තටම ගොඩක් මිනිසුස් දන්නේ නැහැ මම සෝමසිරි මැදගෙදගේ පුතා කියලා. මට ඕනෑ වුණේ නැහැ

තාත්තාගේ පුතා කියලා ගමනක් යන්න. ඉතින් මම හිතනවා මම සාර්ථකයි කියලා. මොකද මම තාත්තාගේ ගීත ගායනා කරලා ක්‍ෂේත්‍රයට ආවේ නැහැ. මම මගේම දෙයක් කරන්න තමයි බැලුවේ. තාත්තා කිව්වෙත් ඔයා මගේ සින්දු කියන්න ඕනෑ නැහැ ඔයා ඔයාගේම දේවල් හදාගන්න කියලා.

● තාත්තාගේ ගීත රීමෙක් කරන්න අදහසක් තියෙනවාද?

ඒකට හොඳම කාලය ආවොත් සිදු කරාවි. රීමේක් කරනවා කියන එකේ වැරැද්දක් නැහැ. මට එහෙම දෙයක් හිතට ආවොත් මම ඒක ගැනත් සලකා බලනවා.

● ආදරණීය ප්‍රාර්ථනා චිත්‍රපටයේ ඔබත් ගීත ගායනා කරනවා නේද?

ගොඩක් අය දන්නේ නැහැ මම සෝමසිරි මැදගෙදරගේ පුතා කියලා - යසස් මැදගෙදර

මම ගීත තුනක් ගායනා කරනවා. මම හිතන්නේ මගේ තියෙනවා තේරුණාදෝ විසල් ආදරේ මං සිත්තම්, මදුරභානී කියන ගීත තුනම ගායනා කරනවා. ඒ ගීත ගායනයට මාත් එක්ක එකතු වුණා ශානිකා මධුමාලි, සුපුන් පෙරේරා සහ මගේ නංගි යශෝධා මැදගෙදර සම්බන්ධ වුණා. පද රචනයෙන් ශෙහාන් ගලහිටියාව. අයෝධ්‍යා ප්‍රනාන්දු, සජිත් අක්මීමන එකතු වුණා.

● සංගීත අධ්‍යක්ෂණ වැඩකටයුතු එහෙම කොහොමද?

ගීත කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. මම ඒවා කවරදාකවත් නවත්වන්නේ නැහැ. මම සෑහෙන ආදරෙයි ගීත නිර්මාණකරණයට.

● මේ වෙනකොට ඔබේ වෘත්තිය?

මගේ වෘත්තියත් සංගීතය.

● ඔබ වැඩිපුර කැමැති ගායනයටද? සංගීත අධ්‍යක්ෂණයටද?

මම වැඩිපුර කැමැති සංගීත අධ්‍යක්ෂණයට. ගීත ගායනයට අකැමැති නැහැ. නමුත් මම ඒ දෙකෙන් ගොඩක් ඇලුම් කරනවා සංගීත අධ්‍යක්‍ෂණයට.

● දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment