ගොඩබෑව ඞීසල් දින තුනකට පමණයි

250

මේ වනවිට ගොඩබෑ ඞීසල් මෙටි‍්‍රක් ටොන් 37,300 ප‍්‍රමාණවත් වන්නේ දින තුනක පමණ කාලයකට යැයි ඛනිජ තෙල් සංස්ථාව කියා සිටී.

මෙම තෙල් තොගයෙන් ඞීසල් මෙටි‍්‍රක් ටොන්
8000 ක් විදුලිබලාගාර සඳහා ලබාදීමට නියමිතව තිබෙන අතර මෙටි‍්‍රක් ටොන් 5000 ක් සුපිරි ඞීසල් වර්ගයට අයත්ය.

ඒ අනුව ප‍්‍රවාහන කටයුතු සඳහා ඉතිරිව ඇති ඞීසල් ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 24,300 කි. සාමාන්‍යයෙන් මෙරට ප‍්‍රවාහන කටයුතු සඳහා දිනකට ඞීසල් මෙටි‍්‍රක් ටොන් 5500 ක් පමණ අවශ්‍ය වන අතර මේ දිනවල පවතින හි`ගය හා අධික ඉල්ලූම මත එම ඞීසල් දින තුනකින් අවසන්වී යා හැකි බවද සංස්ථාව කියා සිටී. එනිසා යම්කිසි සීමාවකට යටත්කර ඉන්ධන බෙදාහැරීමට සිදුව ඇතැයි ද එහි නිලධාරීහු කියා සිටියහ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment