ගොරහැඬි ලීයට පණ පොවන අවුරුදු හතේ නදීෂ්

742

මට ඕනෑම අලියෙක් කපන්න පුළුවන්

අලි නැති ගමේ බලි නැතිව අලි බලන්නට අපි ගාල්ලේ අලි ගමට ගියෙමු. මේ ගම හැම තැනම අලිය. නිවෙස්වලද අලිය. නමුත් අලි ගසා මේ

ගම්මානයේ මෙතෙක් මියදුන කෙනෙක් නැත. අලි එළවන්නට අලිමන්තරත් නැත. අලි මිනිස් ගැටුමක් මේ ගමේ නැත. අලි විදුලි වැටක්ද නැති මේ අලි

ගම්මාන වන්නේ ගාල්ල කලේගාන හීන්පැන්දලයි. නිදහසින් පසුව මේ රට කරවූ පාලකයන් නිසා ඇත්ත අලින්ට වනාන්තරය අහිමි වූවා මෙන්ම මේ අලි නැති ලී අලි ඇති ගමේ ජනතාවට අද ජීවත්වන්නට කිසිදු හැකියාවක් නොමැතිව අසරණ වී සිටිති.

ලංකාවේ අලිත් එක්ක ජීවත්වන අලි ගම්මානයේ වයස හතක් (07) වු මේ පාසල් සිසුවා සත්තකින්ම අලි බාස් කෙනෙක් යැයි නම් කළ හොත් වැරදි නැත. අලින්ට ළමයි බය කියලා පතපොතේ කවියක් තිබේ. නමුත් මේ බාස් නම් අලින්ට ඇත්තටම බිය නැත. ළමා කවි හා ගීතවල දී නිරතුරුවම අලි පිළිබඳව මෙසේ සඳහන් වෙයි.

ගොරහැඬි ලීයට පණ පොවන අවුරුදු හතේ නදීෂ්
ගොරහැඬි ලීයට පණ පොවන අවුරුදු හතේ නදීෂ්

ඔන්න බබෝ ඇතින්නියා, ගල් අරඹේ සිටින්නියා, ගලින් ගලට පනින්නියා, බබුට බයේ දුවන්නියා කියාය. නමුත් අපේ කතාන්දරයේ අලි බාස් අලි කර තියාගෙන යන අපුරුව සුන්දරය.

මේ පුංචි අලි බාස්ගේ ගම, ගාල්ල, හීන්පැන්දලයි. නම කාරියවසම් අඔගහවතතගේ නදීෂ් දිල්මිත්ය. මෙම දරුවාගේ වයස අවුරුදු හතකි. අපේ කතාන්දරයේ පොඩි අලි බාස්ගේ පාසල් ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලය වේ. දෙවන ශ්‍රේණියේ බී පන්තියේ මේ අලි බාස් ඉගෙන ගනී. මේ පුංචි අලි බාස් මේ විද්‍යාලයට පිය නගන්නේ පාසල පෙනෙන නොපෙනෙන ළඟම ගමේ සිටිය.

ඉතින් … ඒ කොයිහැටි වෙතත් මේ අලි බාස් අලි ගමේ අලි කපන රස්සාව හරි අපූරුවට කරන්නට දක්ෂයෙකි. අපේ කතන්දරයේ මේ පොඩි අලි බාස්ගේ තාත්තා, අම්මා සියා, ආත්තම්මා, අයියා විතරක් නොව ලංකාවේ මුල්ම අලිගම වු අලි කපන රස්සාව සිදුකරන ගමේ පරපුරෙන් පැවත එන ඇත්තෝය.

අපේ කතාන්දරයේ මේ අලි බාස්ගේ හතර පේරුවේ නෑදෑයෝද අලි රස්සාව සිදුකරමින් ජීවත් වූවෝ වෙති.මේ ගමේ ජීවත්වන පොඩි අලි බාස්ගේ හත්මුතු පරම්පරාවම ද ආදි කාලයේ සිට කරගෙන ආ රස්සාවකි. ලී අලි කැපීම කැටයම් කලාවට අති දක්ෂ පරපුරක උරමයක් ඇති මේ අලි කපන හපන්කම කරන පැංචා මේ රටේ අපේ දූ දරුවන්ටද යම් පාඩමක් කියා දෙයි.

ඒ පාසලේ පන්තියේ අප ඉගෙන ගත් සරසවියේ හෝ පතපොතින් හෝ ඉගෙන ගන්නා පාඩමක් නොවේ. ජීවිතය පිළිබඳව පාඩමයි. ළමයින්ටයි අලින්ටයි මහ දාන්ගලේ කියලා කතාවක් තිබේ.

ඊට පෙර මේ අලි ගම්මානයේ අපේ කතාන්දරයේ පොඩි අලි බාස් අලි වැඩ්ඩෙක්ය.

ලී කොටන් කපන්නට අම්මාට තාත්තාට, සීයාටද,ආච්චිටද සහයෝගය දෙයි. කුඩා ලී කොටයකට අලියාගේ හැඩ, රුව, වරුණ ගුණ ගෙන දෙන්නට වැඩිහිටියෝ කියත්, පීරි, යතුකැට, බුරුම සමඟ ලී අලි කපන්නට කටයුතු කරන දෙස අපේ පුංචි අලි බාස් බලා සිටින්නට ඇත. මේන්න මේ අපේ කුඩා අලි බාස් මේ සියල්ලම සිදුකරන්නේ ලොකු අලි බාස් කෙනෙක් මෙන්ය.

ඒ කතාන්දරය අලි කපන රස්සාව සිදුකරන නදීෂගෙන් අපි අසා දැනගත්තෙමු.

කාරියවසම් අඔගහවත්තගේ නදීෂ් දිල්මිත් ය. (වයස 07යි)

මට ඕනෑම ලී අලියෙක් කපන්න පුළුවන් කුඩා අලියෙක් අඟල් දෙකයි. ලොකුවට හදන අලි මම හදන්නේ නෑ. ඒ කොටන් බර වැඩියි. නමුත් තාත්තා අම්මා ආතම්ම සියා එක්ක මම අලි ඔප දමනවා. ලී හදන්න පෙර අලි පීරි ගානවා.

මේ සියල්ලම මට කරන්න පුළුවන්. පොඩි අලි බාස් කියයි.

දෙමාපියන්ට වදයක් කරදරයක් නොවන මේ කුඩා අලි බාස් හරි හරියට මේ අලි ගමේ අලි ගෙදර අලි පට්ටලයේ වැඩ කරන්නේය. අලි සුරතල් ද විනෝදයට සිදුකරති. පාසල් වැඩත් කරන ගමන්ම ඔහු අලි කපමින් සිටි.

නිමල් අල්ගෙවත්ත – හබරාදුව

advertistmentadvertistment
advertistmentadvertistment