ගොල්ෆ් තරගාවලියේ තුන්වැනි ස්ථානය දිනා ගනී

142

පාකිස්තානයේ කරච්චි නුවර එක්ස්පෝ මධ්‍යස්ථානයේ ලොව පුරා සිටින ඉහළම මට්ටමේ හමුදා නියෝජිතයන් සහ ආරක්ෂක සමාගම් 300කට අධික සංඛ්‍යාවක නියෝජිතයන් රැසකගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවති ජාත්‍යන්තර ආරක්ෂක ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණයට සමගාමීව පැවති ගොල්ෆ් තරගාවලියේ තුන්වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි එයාර් වයිස් මාෂල් උදේනි රාජපක්ෂ මහතා සමත් විය. එම ගොල්ෆ් තරගාවලියේදී පාකිස්තාන සහ ජාත්‍යන්තර ගොල්ෆ් ක්‍රීඩකයන් සියයකට වැඩි ප්‍රමාණයක් අතුරින් ගුවන් හමුදාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලැබූ ජයග්‍රහණය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඉහළ ගෞරවයක් බව එම ක්‍රීඩා ලෝලීහූ ප්‍රකාශ කර සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment