ගොවිජන බැංකුවල තැන්පත් මුදල කෝටි 600 ඉක්මවයි

158

ගොවිජන සේවා මධ්‍යස්ථාන ආශ්‍රිතව පවත්වාගෙන යන ගොවිජන බැංකුවල ගොවි ජනතාවගේ තැම්පතු මුදල් මේ වනවිට රු. කෝටි 600 ඉක්මවා ඇතැයි ගොවිජන බැංකු නිලධාරීහු පවසති.

ගොවිජන සේවා මධ්‍යස්ථානවල පවත්වාගෙන යන ගොවිජන බැංකු මගින් ගොවි ජනතාවට ලබාදෙන සේවාවන් පුළුල් කිරීමට හා එමගින් කාර්යක්‍ෂම සේවාවක් ගොවි ජනතාවට ලබාදීම අරමුණු කර ගනිමින් එම බැංකු නිලධාරීන් පිරිසක් සමග කෘෂිකර්ම වනජීවී හා වන සම්පත් සංරක්‍ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සාකච්ඡා කළේය.

දැනට දිවයින පුරා පිහිටි 556ක් පමණ වන ගොවිජන මධ්‍යස්ථාන ආශ්‍රිතව ගොවිජන බැංකු 556ක් තිබෙන අතර එහි සමස්ත සාමාජිකත්වය ලක්‍ෂ 13ක් පමණ වේ.

මෙම බැංකු මගින් ගොවි ව්‍යවසායකත්වය ඇති කිරීමට මෙන්ම ගොවි ජනතාවට අවශ්‍ය ණය පහසුකම් සැලසීමද සිදුකරනු ලබයි.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා සියලුම ගොවිජන මධ්‍යස්ථාන ආශ්‍රිතව ගොවිජන බැංකු පිහිටුවීමට සඳහා කටයුතු කළ යුතු බවත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් මෙම බැංකු විධිමත් ලෙස අධීක්‍ෂණය කිරීම සහ ගොවි ජනතාවට ලබාදෙන සේවාවන් පුළුල් කිරීමට වැඩපිළිවෙළක් සකසන ලෙසද උපදෙස් දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment