ගොවිතැනට අත තබන්න එපා – ගොවියෝ පාරට බසිති

247

* යුද්දේ දිනුව වගේ එක පාරට කාබනික වගාවට යන්න බැහැ – කාබනික පොහොර පමණක් භාවිතා කරන කිසිම රටක් ලෝකයේ නැහැ

– රසායනික පොහොර හා කෘෂි රසායනික ද්‍රව්‍ය නොමැතිවීම නිසා සිය වගාවන් පාළුවට ගොස් ඇතැයි චෝදනා කරමින් වැලිමඩ හා ඌව පරණගම ප‍්‍රදේශවල ගොවීහු පා ගමනින් දඹගොල්ල වෙල්යාය වෙත පැමිණ ඊයේ (28 දා) උද්ඝෝෂණයක නිරතවූහ.

ගොවිතැනට අත තබන්න එපා - ගොවියෝ පාරට බසිති

මෙම උද්ඝෝෂණය සඳහා එම ප‍්‍රදේශවල එළවළු හා අනෙකුත් බෝග වගාකරන ගොවි ගෙවිළියන් විශාල පිරිසක් එක්ව සිටි අතර ඔවුහු විවිධ සටන්පාඨ කියමින් පා ගමනින් දඹගොල්ල වෙල්යාය වෙත පැමිණ එහිදී උද්ඝෝෂණයක නිරත වූහ.

රසායනික පොහොර නොලැබීම නිසා නිසිලෙස වර්ධනය නොවූ එළවළු පැළ රැුගෙන මෙම ගොවි පිරිස පෙලපාලියෙන් ගමනගන්නා කරන අයුරු දැකගත හැකි විය.

උද්ඝෝෂණයට සහභාගි වූ  ගොවීන් මෙසේ පැවසූහ.

අපි කාටවත් කරදරයක් නැතුව ගොවිතැන් කරගෙන ජීවත්වුනේ. අද ගොවිතැනත් කරගන්න විදියක් නැහැ. අපි කොහොමද අපේ පවුල් නඩත්තු කරන්නේ. අපේ දරුවෝ අද බඩගින්නේ. අපි බලධාරීන්ට කියන්නේ අපේ ගොවිතැනට අත තියන්නෙ නැතුව ඕනෑ දෙයක් කරන්න කියලයි. අද අපිට පොහොර නැහැ. වගකිව යුත්තන්ගේ මාධ්‍ය සංදර්ශන තියෙනවා. අපේ ප‍්‍රශ්නය එතැනමයි. මේ එම ස්ථානයේ අතැමුන් නැගූ ආඳෝනාවේ පාඨ කිහිපයකි.

බොරලන්ද සමන්ත කුමාර



යුද්දේ දිනුව වගේ එක පාරට කාබනික වගාවට යන්න බැහැ – කාබනික පොහොර පමණක් භාවිතා කරන කිසිම රටක් ලෝකයේ නැහැ

තෙවරක්ම ලංකාවේ හොඳම ගොවියාවූ  ගාල්ලේ චන්ද්‍රලාල් අබේගුණවර්ධන කියයි

ගොවිතැනට අත තබන්න එපා - ගොවියෝ පාරට බසිති

රසායනික පොහොර එක්වරම නතර කිරීම නිසා අපේ රටේ කෘෂි කර්මාන්තය කඩා වැටෙනවා. මෙය ආණ්ඩුව ගත් අ¥රදර්ශී ක‍්‍රියාවක්. කාබනික පොහොර පමණක් භාවිතා කරන කිසිම රටක් ලෝකයේ නැති බවත් ලංකාවේ හොඳම ගොවියා ලෙස තෙවරක්ම සම්මානයට පාත‍්‍රවු ගාල්ලේ චන්ද්‍රලාල් අබේගුණවර්ධන මහතා පැවසීය.

පොහොර හිඟය නිසා ගොවීන්ට මුහුණ පෑමට සිදුව ඇති ගැටලූ‍ සම්බන්ධයෙන් ඒ මහතාගේ ගොවිපොලේදී අදහස් දක්වමින් වැඩිදුරටත් මෙසේද කීය.” මම ලංකාවෙ හොඳම ගොවියා ලෙස තුන් වතාවක්ම තේරුණා. කෘෂි කර්මාන්තය පිළිබඳ මට අවුරුදු තිහක පළපුරුද්දක් තියෙනවා. ලංකාවට සෝජාන් වගා ක‍්‍රමය හඳුන්වා දුන්නෙත් මමයි. සැටලයිට් වගා ක‍්‍රමය හඳුන්වා දුන්නෙත් මමයි. මම ලෝකයේ රටවල් කිහිපයක

ගිහිල්ලා කෘෂි කර්මාන්තය පිළිබඳ පුහුණු වෙලා තියෙනවා. එනිසා ලංකාවේ පොහොර අවශ්‍යතාව කාබනික පොහොරවලින් පමණක් සම්පුර්ණ කිරීමට බැරි බව මම දන්නවා.

යුද්දේ දිනුව වගේ එක පාරටම පොහොර නතර කරල කාබනික වගාවට යන්න බැහැ. ලංකාව කාබනික පොහොර වලින් පමණක් කෘෂි කර්මාන්තය කරන රටක් නොවෙයි. හැබැයි ලංකාවේ කාබනික ගොවිපොළවල් නම් තිබෙනවා. පොහොරත් වගාවෙන් වගාවට වෙනස් වෙනවා. දැන් සාමාන්‍යයෙන් අමු ගොම නිවිති ගහකට දම්මොත් හොඳට හැදෙනවා. හැබැයි මිරිස් ගහකට දැම්මොත් මැරෙනවා.

කාබනික පොහොර පමණක් භාවිතා කරනවා නම් අඩු තරමින් අවුරුදු හතරක් විතරවත් ක‍්‍රමානුකූලව සුදානම් වෙන්න ඕනෑ. ඒ වගේම කෘෂි නිෂ්පාදනවලට කාබනික පොහොර පමණක් යොදනවා නම් දැනට නිෂ්පාදනය කරන කාබනික පොහොර ප‍්‍රමාණය මෙන් තිස් ගුණයක්වත් නිෂ්පාදනය කරන්න ඕනෑ.

තේ කියන්නේ වසර පුරාම අස්වැන්න නෙලන භෝගයක්. එනිසා තේ වගාවට රසායනික පොහොර නැති උනොත් සියයට හැත්තෑවක් දලූ‍ අස්වැන්න අඩු වෙනවා. එතකොට ලෝකයේ වෙනත් රටවල් අපේ තේ වෙළෙඳපොළ අල්ල

ගන්නවා. ඊට පස්සේ තේ කම්හල් වැහිලා යනවා. මේ වගේ වැරදි උපදෙස් දෙන උපදේශකයින් නිසා පාලකයිනුත් රටත් ජනතාවත් අමාරුවේ වැටෙනවා.

අහංගම සුගතපාල දීයගහගේ,වංචාවල ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment