ගොවියාට කොන්දේසි දමන කෘෂිකර්ම ඇමැති අසූචි නැව ළග දණ ගැසුවා – විපක්‍ෂ නායක

141

අපේ රටේ වගා හානි සිදු වූ ගොවීන්ට කොන්දේසි දුන්නා අපේ කෘෂිකර්ම ඇමැතිවරයා. එහෙම කරලා අසූචි පොහොර ගෙනා නැව් සමාගම ළඟට ගොස් ඔවුන්ට වැඳ නමස්කාර කොට ඔව් සර්, හරි සර්, කියලා ඒ අසූචි නැවට ඩොලර් ලක්‍ෂ 67 ක් ගෙවන්න පොරොන්දු වීම මොන තරම් නම් නින්දාවක් ද යැයි විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා කන්තලේදී පැවසීය.

සමගි ජනබලවේගයේ සේරුවිල ආසනයේ කන්තලේ පක්‍ෂ කාර්යාලය 5 වැනිදා විවෘත කිරීමෙන් අනතුරුව පැවති ජනහමුව අමතා විපක්‍ෂ නායකවරයා එසේ ප‍්‍රකාශ කළේය.

මෙහිදී පේ‍්‍රමදාස මහතා මෙසේද කියා සිටියේය. අපිට දැනගන්න ලැබිලා තියෙනවා මේ පළාතේ ගොවීන්ට පොහොර මිටියකට රුපියල් 25,000 ක පමණ මුදලක් ගෙවන්න වෙනවයි කියලා.

අපේ ඉතිහාසයේ කිසි දවසක මෙවැනි සිද්ධියක් වෙලා තිබුණා කියලා අපි නම් අහලා නෑ. කෘෂිකර්ම ඇමැතිවරයා ඉස්සර කිව්වේ ගොවියාට වගා හානිවලට වන්දි දෙනවා කියලා. දැන් කියනවා වෙනස් කතාවක්. අහවල් පොහොර භාවිතා කළ අයට විතරයි වන්දි දෙන්නේ කියලා. බලන්න ලක්‍ෂ සංඛ්‍යාත ඡන්ද ප‍්‍රමාණයක් ලබාගත්ත බලගතු ආණ්ඩුවක කෘෂිකර්ම ඇමැතිවරයා කියන කතාව.

කන්තලේ – ඩබ්. එම්. වික‍්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment