ගොවි ජන පනත සංශෝධනයට

468

2000 අංක 46 දරණ ගොවිජන සංවර්ධන පනත සංශෝධනය වසර 20කට පසු සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත. මේ යටතේ අඳ ගොවි ගැටළු, අයාලේ යන සතුන් විසින් වගාවන්ට සිදු කරන හානි හා සංවර්ධන සභා පිහිටුවීම යන කරුණුවලට අදාලව සංශෝධනයන් සිදු කිරීමට නියමිතය. විශේෂයෙන් අයාළේ යන සතුන් වගා හානි සිදු කළ විට ඔවුන් බැඳ තබන අවස්ථාවල දී එම සතුන්ට ආහාර පාන ලබා දීම වෙනුවෙන් ගොවීන්ට එම සතුන් අයිතිකරු විසින් ගෙවිය යුතු මුදල ලෙස මෙතෙක් පැවැතියේ දිනකට රුපියල් 25ක් වශයෙනි. එම මුදල දශක ගණනක් පැරණි දඩ මුදලකි. එමනිසා එම මුදල දිනකට රුපියල් 1000 දක්වා වැඩි කිරීමට යෝජිතය. එමෙන්ම අඳ ගොවි අයිතිවාසිකම් සුරැකෙන පරිදි තවදුරටත් ඔවුන්ට හිමි විය යුතු කොටස පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන ඇත. දැනට අඳ ගොවීන්ට වී වගා කරන අක්කරයක් සඳහා ලැබෙන වී ප්‍රමාණය වී බුසල් 14කි. වර්තමානයේ නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් තිබෙන නිසාත්, අඳේට කුඹුරු වගා කරන ගොවීන් විසින් අදාල පිරිවැය සම්පූර්ණයෙන්ම දැරීමට සිදු වන නිසාත් කුඹුරුවලින් ලැබෙන අස්වැන්නෙන් දැනට ලබා දෙන කොටසට වැඩි ප්‍රමාණයක් ලබා දීම සම්බන්ධව අවධානය යොමු කර තිබේ. සංශෝධන ඇතුළත් ගොවිජන සංවර්ධන පනතේ අවසාන කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් අද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ලබා දීමට නියමිතය. එය පාර්ලිමේන්තුවේ අනුමැතිය මත කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ඉදිරියේ දී ගැසට් කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment