ගොවීන්ට මඩ පොහොර අද සිට

65

වගා කන්න තුනකට පසුව ශ්‍රී ලංකාවේ වී වගා කරන ලක්ෂ 12ක් පමණ වන සියලුම ගොවීන්ට අද සිට මඩ පොහොර නොමිලයේ ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.ඊජිප්තුවේ සිට මෙරටට ආනයනය කරන ලද මෙට්‍රික් ටොන් 36,000ක් වු ත්‍රිත්ව සුපිරි පොහොර තොගය ඊයේ (19) නිල වශයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය වෙත භාරදී තිබුණි. ඒ අනුව කන්න තුනකට පසුව ගොවි ජනතාව සඳහා පළමුවරට ලැබෙන එම මඩ පොහොර තොගය නොමිලේ ලබාදීමට රජය තීරණය කර තිබේ. මෙට්‍රික් ටොන් 11,537ක් වු පළමු මඩපොහොර තොගය අද සිට උතුර හා නැගෙනහිර පළාත්වලට අයත් සියලුම දිස්ත්‍රික්ක වෙත බෙදා හැරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment