ගොවීහු එළවළු තොග නොදෙති – ‘නුවරඑළියේ ආර්ථිකය’ වැසේ එළවළු අර්බූදය දිග්ගැහෙයි

306

නුවරඑළියේ එළවළු වගා කරන ගොවීහු ඊයේ (21 ද) නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග ලබාදීම ප‍්‍රතික්ෂේප කළ නිසා නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ඊයේ (21 දා) දින වසා දැමුණු බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසීය.

අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා ඊයේ මාධ්‍යයට විශේෂ ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ නුවරඑළියේ එළවළු වගාකරන  ගොවීන්ට අවශ්‍ය කරන රසායනික පොහොර, කෘෂි රසායනික ද්‍රව්‍ය ලබා නොදීම හමුවේ ගොවීන් මේ වනවිට වගා කර ඇති අස්වැන්නේ ඵලදාව අඩුවීම හමුවේ එයට විරෝධය පෑමක් වශයෙන් නුවරඑළියේ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු තොග ලබාදීමෙන් වැළකී සිටි බවයි.

නුවරඑළිය – නාලක රත්නායක
 

advertistmentadvertistment
advertistmentadvertistment