ගොසිප් වලට කැමති සංජානා

237

නව පරපුරේ රංගන ශිල්පිණියක් වන සංජානා ගමආරච්චි මේදිනවල ටෙලි නිර්මාණ තුනක් හරහා ඔබේ ආලින්දයට ගොඩවෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අපි සංජනාට කතා කළා.

සංජානා මේ දවස්වල දිවිතුරා” මෙට්‍රො හීන සහ ඉන්ටර්නැසනල් 2 යන ටෙලි නාට්‍ය ත‍්‍රිත්වයක් හරහා දකින්න ලැබෙනවා?

මේ කාලවකවානුවේ මම රංගයෙන් එකතු වුණ ටෙලි නාට්‍ය තුනක් විකාශනය වීම ගැන ඇත්තටම සතුටුයි.

වැඩිපුරම ප‍්‍රතිචාර ලැබෙන චරිතය?

ඇත්තටම වැඩිපුර ප‍්‍රතිචාර ලැබෙන්නෙ හිරු ටීවී මගින් විකාශනය කෙරෙන දිවිතුරා ටෙලි නාට්‍යයේ ටීනාගේ චරිතයට. අනෙක් නාට්‍ය දෙක මෑතකදී විකාශනය වීම ආරම්භ කළ නිසා වෙන්න ඕනා මේකට වැඩිපුර ප‍්‍රතිචාර ලැබෙන්නෙ. නමුත් මම හිතනවා ඉදිරියේදී ඒ චරිතවලටත් ඉහළ ප‍්‍රතිචාර ලැබේවි කියල.

මේ චරිත අතරින් ඔබට වඩාත් සමීප චරිතය?

මට වඩාත් සමීප චරිත වෙන්නේ මෙට්‍රො හීන නාට්‍යයේ රයිලිගේ චරිතය සහ දිවිතුරා ටෙලි නාට්‍යයේ ටීනාගේ චරිතය.

නිර්මාණ තුනක් එකම කාලයකදී විකාශනය වීම ඔබ දකින්නෙ කොහොමද?

ඇත්තටම මම ඒක අපරාධයක් විදිහට දකින්නෙ නැහැ. නමුත් නාට්‍ය දෙකක් එකම වෙලාවකදී විකාශනය වීම නම් අවාසියක් හැටියට දකිනව.

බොහෝ දෙනෙක් ඔබට කතා කරන්නේ ටීනා කියල?

දිවිතුරා ටෙලි නාට්‍යයේ ටීනා අද වෙනකොට කොහේ ගියත් දන්න චරිතයක් බවට පත්වෙලා. බොහෝ දෙනෙක් බලන ටෙලි නාට්‍යයක්. පොඩි දරුවන්ගේ පටන් වැඩිහිටි ආච්චී සීයා දක්වා ආදරෙන් වැළඳගෙන තියෙනවා. ෆේස්බුක් එක ගත්තත් ඉන්ස්ටර්ග‍්‍රෑම් එක ගත්තත් කමෙන්ට් වැටෙන්නෙ ටීනා කියන නමින්. කොහේ හරි ගියත් අන්න ටීනා කියල ඇවිත් සෙල්ෆි ගහනවා. කතාකරනවා.

මෙට්‍රො හීන නාට්‍යයට සම්බන්ධ වීම ගැන මොකද හිතෙන්නෙ?

ඇත්තටම ගොඩක් සතුටුයි. ප‍්‍රභාත් රෝෂන් සහ සුපුන් රත්නායක යන අයියලා එක්ක වැඩකරන්නේ පළමුවෙනි වතාවට. මං එක්ක වැඩකරන රංගන ශිල්පීන් සහ ශිල්පිණියන් බොහෝ දෙනෙක් ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්. බොහොම සහයෝගයෙන් සතුටින් වැඩකරගෙන යනව.

සංජානාගේ වෘත්තීයමය රංගන ශිල්පිණියක්ද?

මම මේවනකොට වෘත්තියක් විදිහට රංගනය සහනිවේදන කටයුතු කරගෙන යනවා. ඉදිරියේදිත් මගේ දක්‍ෂතාවෙන් රංගන ක්‍ෂේත‍්‍රයේ නියැළෙන්න තමයි බලාපොරොත්තුව. බොහෝ දුරට අධ්‍යාපන කටයුතු දිගටම කරගෙන යන්න අදහසක් නැහැ. මම පාඩම් කරන්න කම්මැලි කෙනෙක්. ඒ වගේම මේ වැඩකටයුතුත් එක්ක කාලවේලාව වෙන්කර ගැනීමත් ගැටලූවක්.

අදවෙනකොට ක්‍ෂේත‍්‍රයේ දක්‍ෂතාවට ඉඩක් තියෙනවද?

ඔව්. දක්‍ෂතාවට ඉඩක් තියෙනවා. බොහෝ දෙනෙක් ක්‍ෂේත‍්‍රයට එනවා යනවා. දක්‍ෂතාව සහ වාසනාවත් එක්ක ඔවුන් අතරින් අතලොස්සක් දිගටම වැඩකරගෙන යනව.

සංජානාගේ වැඩි කැමැත්ත ටෙලි නාට්‍යයටද සිනමාවටද?

මම මුලින්ම ආවේ පුංචි තිරයට. ඒ අතර හීනයක් තියෙනව සිනමාවට සම්බන්ධ වෙන්න. නමුත් මේ අතරින් කැමතිම ක්‍ෂේත‍්‍රය මේකයි කියන්න මට අදහසක් නැහැ.

අලූතින් ආරාධනා ලැබිල තියෙනවද?

ඔව්. මේවෙනකොට අලූත් වැඩක් ගැන කතාකරගෙන පිටපත එහෙමත් භාරදීලා රූගතකිරීම් වලට දින නියමකරගෙන තියෙනවා.

ජනප‍්‍රියත්වය කරදරයක්ද?

අපි හැමෝටම ආදරය කියන දේ ඕනා. මේ වෙනකොට පේ‍්‍රක්‍ෂක ජනතාවගේ

ආදරය මට නොඅඩුව ලැබෙනවා. මම හරි කැමතියි ඒකට. ඉතින් ජනප‍්‍රිය වීම කරදරයක් වෙන්නෙ නැහැ. ඒ වගේම රංගන ශිල්පිණියක් වෙලා ජනප‍්‍රිය වුණාම ඒක කරදරයක් කියනවා නම් ඒක අසාධාරණයක් හැටියටයි මම දකින්නෙ.

රසිකයන්ගෙන් ආදර යෝජනා එනවා?

ඔව් සමහර අවස්ථාවලදී රසිකයන්ගෙන් ආදර යෝජනා එනවා. නමුත් ඒවාට ප‍්‍රතිචාර දක්වන්න මගේ අදහසක් නැහැ.

රඟපාන්න කැමති චරිතයක් තියෙනවද?

මට ගොඩක් වෙලාවට ලැබෙන්නෙ දඟකාර කටකාර චරිත. නමුත් මම කැමතින් ටිකක් නපුරු චරිතයක් කරන්න. ඒ වගේ වෙනස් වෙනස් චරිත ලැබෙනවනම් බොහොම කැමැත්තෙන් භාරගන්නවා.

සබෑ ජීවිතයේදීත් කටකාර චරිතයක්ද?

ඔව් මම ටිකක් කතාකරනව වැඩියි කියල මට හිතෙනව.

ඔබ ක්‍ෂේත‍්‍රය දකින්නෙ කොහොමද?

මම බොහොම ආසාවෙන් පොඩිකාලේ ඉඳන් හීන දැක්කේ රංගන ශිල්පිණියක් වෙන්න. අපේ දක්‍ෂතාව සහ වාසනාවත් එක්ක හරි විදිහට ගමනක් යනවා නම් මේ ක්‍ෂේත‍්‍රය බොහොම හොඳ තැනක්.

නවකයන්ට පිළිගැනීමක් තියෙනවද?

නවකයන්ට තියෙන පිළිගැනීම තමන්ගේ හැසිරීම” පවුල් පසුබිම අනුව එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්.

ගොසිප් ගැන අදහස?

ගොසිප් කියන්නෙ කලා ක්‍ෂේත‍්‍රයේ ඉන්න අපි හැමෝටම ඉතා වැදගත් දෙයක් සහ වටින දෙයක්. ඒක ධනාත්මක සහ සෘණාත්මක කියල වර්ග දෙකකට ගන්න පුළුවන්. මේ දවස්වල සෘණාත්මක දේවල් තමයි ගොඩක්ම ප‍්‍රසිද්ධ වෙන්නෙ. පොදුවේ ගත්තොත් ගොසිප්ස් වලට මම නම් කැමතියි.

ඔබ ගැනත් විවිධ කටකතා පැතිරුණා. ඒවායේ ඇත්ත නැත්ත මොකක්ද?

ඇත්තටම ගොසිප්ස් කියන්නෙ ඇත්ත නොවෙයි. ඒක මායාවක්. නමුත් කිසිම දෙයක් සොයන්නෙ බලන්නෙ නැතිව මඩගහනඑක නම් වැරදියි. මං ගැන පැතිරුණ දේවල් නම් භාගෙට භාගයක්ම වැරදියි.

ඉදිරි සැළසුම්?

රංගනයට අමතරව මම නිරූපණය” නිවේදනය සහ හ`ඩකැවීම යන අංශවලත් කටයුතු කරනවා. ඊට අමතරව මගේම ව්‍යපාරයක් ආරම්භ කරන්න ආසාවකුත් තියෙනවා. ඒකට අවශ්‍ය පසුබිම මේ දිනවල සකසමින් පවතිනවා.

නිවේදන කටයුතු කොහොමද?

නිවේදනයේදී බොහොම නිවුණු චරිතයකට වඩා දඟකාර කටකාර පේ‍්‍රක්‍ෂකයා කැමතිවෙන විදිහට ඒක කරන්න තමයි මම උත්සාහ කරන්නෙ. මගේම කියලා යූටියුබ් චැනල් එකක් තියෙනවා. ඒකත් අදවෙනකොට බොහොම හොඳ තත්ත්වයකට ඇවිත් තියෙනව.

යූටියුබ් චැනල් එකක් පටන්ගත්තේ මුදල් අරමුණු කරගෙනද?

යූටියුබ් චැනල් එකෙන් මුදල් හොයන පරමාර්ථයක් මට නැහැ. අපි වීඩියෝ එකක් දාලා පේ‍්‍රක්‍ෂකයන් ඒක බැලූවොත් සමහරවිට අපිට මුදල් ලැබෙයි. නමුත් මට උවමනා හැමවෙලාවෙම කෙනෙක්ව සතුටින් තියන්න. මම ඒ වෙනුවෙන් මගේ චැනල් එක පාවිච්චි කරනවා.

සංජානා නිළියක් නොවුණානම්?

නිළියක් නොවුණා නම් මේ වෙනකොට මම විදේශගතවෙලා ඉඳීවි.

ප‍්‍රවීණයන්ගේ සහයෝගය?

ඇත්තටම ප‍්‍රවීණයන්ගෙන් බොහොම හොඳ සහයෝගයක් ලැබෙනවා. කවදාවත් ඔවුන්ගෙන් කැපිලි කෙටිලි සිද්ධවෙලා නැහැ.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment