ගොළු දියණියට අතවර කළ නරුම පියා අත්අඩංගුවට – අවුරුදු 12 සිට ම හදි කරලා ලූ

331

අවුරුදු විස්සක් වයසැති තම බාල ගොළු දියණියට කාලයක් තිස්සේ ලිංගික අතවර කළ පියකු පෙරේදා (14 දා) බුත්තල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අතවරයට ලක්වූ තරුණිය ඇයගේ වැඩිමහල් සහෝදරියගේ නිවසට මීට මාස දෙකකට පමණ ඉහතදී පැමිණ ඇත.

ඇයට කතරගම ප‍්‍රදේශයේ පිහිටි මහ ගෙදරට යන ලෙස එම සහෝදරිය පැවසීමෙන් පසු එසේ යෑමට නොහැකි බවත් තාත්තා තමාට ලිංගික අතවර කරන බවත් ගොළු බසින් පවසා ඇත.

තමාට වයස අවුරුදු 12 සිට පියා විසින් අතවර කළ බවත් ඇය වැඩිදුරටත් පවසා ඇත.

සිද්ධිය පිළිබඳව බුත්තල පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු අතවරයට ලක්වූ තරුණියගේ පනස් දෙහැවිරිදි පියා අත්අඩංගුවට ගෙන තිබේ.

අතවරයට ලක්වූ තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලට ඇතුළත්කර ඇත.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කතරගම පොලිසියට භාරදී ඇත.

සිද්ධිය පිළිබඳව බුත්තල හා කතරගම පොලිසිය ඒකාබද්ධව පරීක්ෂණ පවත්වති.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment