ගෝආ හි ඇති රොනාල්ඩෝගේ පිළිරුවට ජනතා විරෝධය

435

ඉන්දියාවේ ගෝආ ප‍්‍රාන්තයේ ඉදි කර ඇති ප‍්‍රකට පෘතුගාල පාපන්දු ක‍්‍රීඩක ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ පිළිරුව සම්බන්ධයෙන් ප‍්‍රාන්ත වැසියන් සිය විරෝධය පළ කර තිබේ. ඉන්දීය ක‍්‍රීඩකයෙකුගේ පිළිරුවක් ඉදි නොකර බටහිර පාපන්දු ක‍්‍රීඩකයකුට ගොරවය දැක්වීමට එරෙහිව මෙම විරෝධතා මතුව තිබේ.

මෙම විරෝධතාවන් සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇති ගෝආ ප‍්‍රාන්තයේ ඇමතිවරයෙකු වන මයිකල් ලොබෝ පවසා ඇත්තේ මෙම රොනාල්ඩෝගේ පිළිරුව ඉදි කර ඇත්තේ ප‍්‍රාන්තයේ තරුණ පිරිස් වැඩි වශයෙන් පාපන්දු ක‍්‍රීඩාවට යොමු කිරීම දිරි ගැන්වීම් සඳහා බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment