ගෝඨාගේ වීසා තවත් සති දෙකකට දික් කරන්න – ශ්‍රී ලංකාව සිංගප්පූරුවෙන් ඉල්ලයි

236

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට තවත් සති දෙකක කාලයක් සඳහා සිංගප්පූරුවේ රැඳී සිටීමට වීසා කාලය දික් කරන ලෙස මෙරට රජය මගින් සිංගප්පූරු ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර ඇත.

රාජපක්‍ෂ මහතාගේ වීසා කාලය අගෝස්තු 11 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබේ. එනිසා තවත් කාලයක් ලබා දෙන ලෙස මෙසේ ඉල්ලීම් කර ඇත.

හිටපු ජනාධිපතිවරයා මාලදිවයින හරහා සිංගප්පූරුවට ළඟා වූයේ ජූලි 14 වැනිදාය. ඔහුට මුලින්ම සති දෙකක් සඳහා වීසා ලැබුණු අතර පසුව තවත් සති දෙකක කාලයක් සඳහා වීසා දික් කෙරිණි.

ලංකා රජයේ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

චතුර පමුණුව
 

advertistmentadvertistment
advertistmentadvertistment