ගෝඨාගේ හදිසි නීතියට එරෙහි පෙත්සම විභාගයට අවසර

103

දිනෙන් දින රටේ ජනතාව පීඩාවට පත්කරමින් රජය ගෙනගිය අදූරදර්ශී ක්‍රියාදාමයට විරුද්ධත්වය දැක්වීම සඳහා වෘත්තීයවේදීන් ඇතුළු සංවිධාන හා පොදු ජනතාව කොළඹට රැස්වීමට නියමිතව තිබියදී ඒවා වැළැක්වීමේ අරමුණින් පසුගිය වසරේ මැයි 6 වැනිදා කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් රට පුරා හදිසි නීතිය පැනවූයේ යැයි කියමින් එය අභියෝගයට ලක්කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්‍යක්‍ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය 22 වැනිදා අවසර ලබා දුන්නේය.

හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ අංක 2278/22 දරන අති විශේෂ ගැසට්පත්‍රය මගින් එලෙස හදිසි නීතිය පැනවීම මගින් රටේ ජනතාව සතු සාමකාමීව රැස්වී අදහස් ප්‍රකාශ කිරීමට හා සමානාත්මකතාවයේ අයිතිය උල්ලංඝනය වී ඇති බවට බැලූ බැල්මට පෙනී යන්නේ යැයි නිගමනය කළ විනිසුරු මඬුල්ල ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) 13 (1) හා 14 (1) ව්‍යවස්ථා අනුව නඩු විභාගය පැවැත්වීමට තීරණය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment