ගෝඨාගෝගමට සිනමා ශාලාවක්, පුස්තකාලයක් සහ චිත්‍රාගාරයක්

112

කොටුව ගාලුමුවදොර අරගල භූමියේ ස්ථාපිත ගෝඨාගෝගම සිනමා ශාලාව, පුස්තකාලය, ගෝඨාගෝගම චිත්‍රාගාරය දැන් මහජනතාවට විවෘතව පවතී.

ගෝඨාගෝගම සිනමා ශාලාව තුළදී එකවර 100 දෙනකුට චිත්‍රපට නැරඹීමේ හැකියාව පවතී. මෙම සිනමා ශාලාව සියලු සිනමා ප්‍රදර්ශන අංගෝපාංගයන්ගෙන් සමන්විත පරිපූර්ණ සිනමා ශාලාවකි.

මෙම සිනමා ශාලාව තුළදී අරගලය ආශ්‍රිත වාර්තා, චිත්‍රපට, සිනමා සංවාද, වැඩමුළු ඇතුළු සංස්කෘතික වැඩසටහන් රැසක් ප්‍රදර්ශනය කරනු ලබති.

එසේම පසුගිය 09 වැනිදා පොහොට්ටු මැරයන්ගේ පහරදීමෙන් යළි සකස් කළ ගෝඨාගෝගම පුස්තකාලය යළි විවෘත කර තිබේ. මෙහි තබා ඇති පොත් පාඨකයන්හට නිදහසේ වාඩි වී පරිශීලනය කළ හැකිය.එසේම ගෝඨාගෝගම චිත්‍රාගාරයක් ද ස්ථාපිත කර තිබේ. එහිදී සිතුවම් කළ චිත්‍ර නිර්මාණ මෙන්ම චිත්‍ර අඳින ශිල්පීන් ද දැකගත හැකිය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment