ගෝඨාගෝගම අන්තර්ජාලයට මුදාහැරි යැයි ඇල්ලූ අනුරුද්ධ බණ්ඩාරගේ පෙත්සම විභාගයට අවසර

106

ගෝඨාගෝගම යන වැකිය අන්තර්ජාලයට මුදාහැරියේ යැයි චෝදනා කරමින් සමාජ ක්‍රියාකාරිකයකු වන අනුරුද්ධ බණ්ඩාර මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (31දා) අවසර ලබා දුන්නේය.

පොලිස්පතිවරයා, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා නීතිපතිවරයා ඇතුළු 12 දෙනකු වගඋත්තරකරුවන් කරමින් ගොනු කර තිබූ එම මුලික අයිතිවාසිකම් පෙත්සම යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි.

නීතිඥ තනුක නන්දසිරි මහතා සමග පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරු මඬුල්ල එකී අත්අඩංගුවට ගැනීමෙන් පෙත්සම්කරුට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකරදී ඇති අදහස් දැක්වීමට ඇති අයිතිය, නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටීමට ඇති අයිතිය හා සමානාත්මකතාවයේ අයිතිය බැලූ බැල්මට උල්ලංඝනය වී ඇති බවට නිගමනය කර වගඋත්තරකරුවන්ගෙන් රුපියල් ලක්‍ෂ 100ක වන්දියක්ද ඉල්ලා ඇති එම පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment