‘ගෝඨාගෝගම’ පුස්තකාලය පාඨකයන් ලක්‍ෂයක් පරිහරණය කරලා

315

කොටුව ගාලුමුවදොර පැවැත්වෙන අරගල භූමියේ  ‘ගෝඨාගෝගම ස්ථාපිත පුස්තකාලයෙන්’ ඊයේ (22 වැනිදා) වනවිට පාඨකයන් ලක්‍ෂයකට අධික පිරිසක් එහි ඇති පොතපත පරිශීලනය කර තිබේ.

අරගලය ආරම්භ වී දින 3 කට පසු එනම් අප්‍රේල් 12 වැනිදා පොත් 15 කින් ආරම්භ වූ මෙම පුස්තකාලයට මේ වනවිට විවිධ පරිත්‍යාගශීලීන්ගෙන් පොත් පන්දහසකට අධික ප්‍රමාණයක් ලැබී ඇතැයි එහි ස්වෙච්ඡාවෙන් සේවය කරන තරුණ පිරිස ‘දිවයින’ ට පැවැසූහ.

‘ගෝඨාගෝගම’ පුස්තකාලය පාඨකයන් ලක්‍ෂයක් පරිහරණය කරලා

පෙරේදා (21 වැනිදා) අප පුස්තකාලයට යන විටත් බොහෝ පිරිසක් පුස්තකාලයේ පොතපත පරිශීලනය කරන අයුරු දැකගත හැකිවිය. මෙහිදී අදහස් දැක්වූ පුස්තකාලයේ ස්වෙච්ඡාවෙන් සේවය කරන චමල් පොල්වත්තගේ මෙසේ පැවැසීය.

“අරගල භූමිය තුළ තිබෙන මේ පුස්තකාලය පොත් 15 කින් පටන් ගත්තේ. අපි එෆ් බී එකේ පෝස්ට් එකක් දැම්මා කැමැති අය ගෝඨාගෝගමේ පුස්තකාලයට පොතක් පරිත්‍යාග කරන්න කියලා. ඒ පෝස්ට් එක දැම්මාට පස්සේ රටේ බොහෝ ආදරණීයයන් ඇවිත් පොත් පරිත්‍යාග කරලා ගියා. මේ තියෙන පොත් අපේ නෙවෙයි. මේ තියෙන පොත් රාක්ක, කබඩ් සියල්ල අපේ නෙවෙයි. මේ ඔක්කොම අහිංසක ජනතාවගේ. අපි මේ පුස්තකාලයේ කටයුතු කරන්නේ ස්වෙච්ඡාවෙන්. මෙතන විවිධ පළාත් වලින් ආපු යාලුවෝ 15 දෙනෙක් ඉන්නවා. මේ අරගලය ජයග්‍රහණය කළත් අපි බලාපොරොත්තු වෙනවා මේ පුස්තකාලය මේ භූමියේ සංකේතාත්මකව පවත්වාගෙන යන්න. මේ පුස්තකාලය උදේ 8.00 ට විවෘත කළාම රාත්‍රී 12.00 වනතුරු විවෘතයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඥානතිස්ස ජයවර්ධන, ඡායාරූප – ප්‍රියන්ත මද්දුමආරච්චි
 

advertistmentadvertistment
advertistmentadvertistment