‘ගෝඨාගෝ ගම’ ජාඇලටත්  

167

ජා-ඇල මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් ජා-ඇල පොලිසිය ඉදිරිපිට ගෝඨාගෝ ගම ශාඛාවක් ප්‍රදේශයේ වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් හා ජනතාව එක්ව 01දා රාත්‍රීයේදී ආරම්භ කරනු ලැබීය.

ජනතාව වර්තමානයේ මුහුණ දෙන ඛේදවාචක තත්වයට මෙරට දේශපාලන තන්ත්‍රය වගකිවයුතු බවත්, පාර්ලිමේන්තුව තුළ ජනතා ගැටළු කතා කිරීම පසක තබා දේශපාලන අරමුණු ඔස්සේ පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වීම

කනගාටුවට කරුණක් බවත් මෙම අවස්ථාවට එක්වූ පිරිස් පවසා සිටියහ. ස්වෛරී ජන්ද දායකයන් පතන අව්‍යාජ පාර්ලිමේන්තු නියෝජිතයගෙන් සුසැදි සුදුසු දේශපාලන වෘත්තිකයන් තොරා පත් කර ගැනීම තම අරගලයේ අපේක්ෂාව බවත් ඒ වෙනුවෙන් දේශපාලන ඩීල් සංස්කෘතියට තිත තැබිය යූතු බවත් තමන් ආරම්භ කළ මෙම අරගලය උක්ත අපේක්ෂාවන් ඉටුවන තුරු අඛන්ඩව පවත්වාගෙන යන බවත් ගෝඨාගෝ ගම ජා-ඇල ශාඛාව ආරම්භ කිරීමට පැමිණි පිරිස වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියහ.

කඳාන – රුක්මන් පින්තු

advertistmentadvertistment
advertistmentadvertistment