ගෝඨාට තායිලන්තයෙන් දින 90ක්

278

රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් ඇති හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වීසා රහිතව දින 90 ක කාලයක් තායිලන්තයේ රැඳී සිටීමට අවසර හිමි වන බව තායිලන්ත විදේශ කටයුතු අමාත්‍ය ටැනී සන්ග්‍රැට් පවසයි. ඒ ,තායිලන්තයට ඇතුළු වී තාවකාලිකව රැඳී සිටීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අවසර ලබා දෙන්නැයි, ශ්‍රී ලංකා රජය, එරට රජයෙන් කළ ඉල්ලීමකට අනුව යැයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ටැනී සන්ග්‍රැට් පවසා තිබේ.
2013 වසරේදී ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ඇති කර ගත් එකඟතා ගිවිසුමකට අනුව බවද හිටපු ජනාධිපතිවරයා දේශපාලන රැකවරණයක් සඳහා ඉල්ලීමක් කර නොමැති බව ද ඔහු වැඩි දුරටත් පවසයි .

ගෝඨාට තායිලන්තයෙන් දින 90ක්
advertistmentadvertistment
advertistmentadvertistment