ගෝඨාභයගේ  සිංගප්පූරු  වීසා දින 14ක් දීර්ඝ කෙරේ

161

සිංගප්පූරුවේ රැඳී සිටින හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වීසා කාලය තවත් දින 14 කින් දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර ඇත.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයාට ලබන අගෝස්තු 11 වැනිදා දක්වා එරට රැඳී සිටිය හැක.

ගෝඨාභය රාජපක්ෂ මහතාට තවත් දින 14 කට වීසා නිකුත් කර ඇති බව සිංගප්පූරුවේ ස්ටේ්‍රට් ටයිම්ස් පුවත්පත විසින් ද වාර්තා කර තිබිණි.

ජුලි 09 වැනිදා ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් පිටවූ හිටපු ජනපතිවරයා මාලදිවයින් රාජ්‍යයේ දිනක් නතර වී සිට ජුලි 14 සිංගප්පූරුවට ළඟා විය.

ඒ මහතා ජනපති ධුරයෙන් ඉල්ලා අස්වන නිවේදනය නිකුත් කරනු ලැබුවේ ද ජුලි 15 වැනිදා සිංගප්පූරුවේ සිටය.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබුණේ අගෝස්තු මාසයේදී රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment