ගෝඨාභයට එරෙහිව කොටි ඩයස්පෝරාව නියෝන් එළි දල්වයි

483

ස්කොට්ලන්ත රජය ශ‍්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අවමන් කිරීම සඳහා කොටි ඩයස්පෝරාවට එරට පාර්ලිමේන්තුව සහ කටුගෙය ඇතුළු රජයේ ස්ථාන නියෝන් ආලෝක පද්ධතිවලින් ආලෝකමත් කිරීමට අවසර දී ඇත. ස්කොට්ලන්ත ඉතිහාසයේ මෙයට පෙර මෙවැනි දීන කි‍්‍රයාදාමයන් සිදුවී නැත.

ශ‍්‍රී ලංකා ජනපති ද්‍රවිඩ සමූල ඝාතනයට අවශ්‍ය බව එම නියෝන් ආලෝක පද්ධතියේ දක්වා තිබිණි. මෙයට පෙර බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවද කොටි නිල පුෂ්පයෙන් ආලෝකමත් කර තිබිණි.

එඩින්බර්ග් නුවර පිහිටි ඓතිහාසික ඩ්‍රොන්තර්ක්  ගොඩනැඟිල්ලේද එම අවමන් කිරීමේ ආලෝක පද්ධතියෙන් ආලෝක කර තිබේ. මේ පිළිබඳ ස්කොට් රජය මේ දක්වාම කිසිදු ප‍්‍රකාශයක් කර නැත.

මේ අතර බි‍්‍රතාන්‍යයේ සිට කොටි ඩයස්පෝරා කි‍්‍රයාකාරීන් සහ හිටපු කොටි ග්ලාස්ගෝ නගරයට පැමිණ ඇත.

මොවුන් ඊළාම් දේශය දක්වන සිතියම් මුද්‍රණය කළ ටීෂර්ට් පැළඳ සිටි බව හෙළිවී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment