ගෝඨාභයට එරෙහි නඩුවේ තීන්දුව ජුනි 20 වැනිදා

1270

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව නෙදර්ලන්තයේ හේග් නුවර මහජන අධිකරණය පැවැත්වූ නඩු විභාගයේ තීන්දුව ජුනි 20 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මිග් 21 ප්‍රහාරක යානා මිලට ගැනීම තුළින් අක්‍රමිකතා සිදු වූ බවට තොරතුරු හෙළිකළ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා අභිරහස් ලෙස ඝාතනය වීම ගැන මෙම නඩුව ගොනුකර තිබුණේ ඔහුගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසිනි. මෙම නඩුව හමුවේ ස්විස්ටර්ලන්තයේ සිටින හිටපු රහස් පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා සාක්කි දී ඇත. දුරකථන කුලුනු පහකින් ලබාගත් ඇමතුම්වලින් වික්‍රමතුංග ඝාතනයට අදාළ තොරතුරු හෙළි වූ බව නිශාන්ත සිල්වා සාක්කි දෙමින් අනාවරණය කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment