ගෝඨාභයට දින 90 ක්තායිලන්තයේ අවසර

101

වෙනත් රටක රැකවරණය ලබා ගන්නා තෙක් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට තායිලන්තයේ රැඳී සිටීමට තාවකාලික අවසරයක් ලබාදෙන බව තායිලන්ත අගමැති ප්‍රයුන් චං ඕ චන් මහතා විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

සිංගප්පූරුවේ රැඳී සිටි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (11 දා) තායිලන්තය බලා පැමිණීමට නියමිතව තිබිණි.

ශ්‍රී ලංකාව කළ රාජ්‍ය තාන්ත්‍රික ඉල්ලීමකට අනුව තායිලන්තයේ රැඳී සිටීමට අවසර දෙන බව එරට අගමැති විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

මානුෂීය හේතූන් මත හිටපු ජනාධිපතිවරයාට දින 90ක කාලයක් තායිලන්තයේ රැඳී සිටීමට අවසර දිය හැකි බවත් එලෙස අවසර දෙන්නේ වෙනත් රටක ස්ථිර රැකවරණය සලසා ගන්නා තෙක් පමණක් බවත් එරට කියා තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉකුත් ජුනි 13 වැනිදා මාලදිවයින බලා පිටත්ව ගොස් පසුව දින 14ක් සිංගප්පූරුවේ රැකවරණ පතා එරටට ගියේය. සිංගප්පූරුවේ රැඳී සිටි ඒ මහතාට අගෝස්තු 11 වැනිදා දක්වා එරට රැඳී සිටීමට හැකි විය.

ඒ අනුව වෙනත් රටක දේශපාලන රැකවරණ ලබා ගන්නා තෙක් හෝ යළි ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක් දින 90ක කාලයක් තායිලන්තයේ රැඳී සිටීමට අවසර දීමට එරට තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment