ගෝඨාභය අස්වුණේ ජුලි 14 වැනිදා

199

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ 2022 ජුලි මස 14 වැනිදා යැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉකුත් 15 වැනිදා කථානායක නිල නිවසේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත ලැබී ඇතැයි ද ඔහු සඳහන් කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38/1(ආ) වගන්තිය අනුව ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම සිදුව ඇති බවත් මෙම ලිපියට අනුව ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම නීත්‍යනුකූලව එදින සිට වලංගු බවත් හෙතෙම පැවසීය.

මෙම ඉල්ලා අස්වීමට අනුව අගමැතිවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස ව්‍යවස්ථානුකූලව පත්වන බව ද සඳහන් කළ කථානායකවරයා නව ජනාධිපතිවරයකු පත්කර ගැනීමට ජනාධිපතිවරණයක් පැවැත්වෙන තෙක් ජනාධිපතිධුරය සඳහා මහජන නියෝජිතයකු පත්කර ගැනීම 20 වැනිදා රැස්වන පාර්ලිමේන්තුවේ දී සිදුකරන බවත් ඔහු සඳහන් කළේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment