ගෝඨාභය එක්ක  හවුල් ආණ්ඩු නෑ – විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස

167

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රමුඛ ආණ්ඩුව සමග කිසිදු එක`ගතාවයක් හෝ ආණ්ඩුකරණයකට සමගි ජනබලවේගය කිසි විටෙකත් සූදානම් නැති බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (04 දා) විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය අමතා විශේෂ ප‍්‍රකාශයක් කරමිනි. කළයුත්තේ එක මොහොතක් නෑර ආණ්ඩුව පලවා හැරීම බව කී විපක්ෂ නායකවරයා ඒ වෙනුවෙන් සමගි ජනබලවේගය සූදානම් බව ද පැවසීය. ඒ හැර දූෂිත ආණ්ඩුව සමග ඞීල් දේශපාලනයක් කිසිවිටෙකත් සමගි ජනබලවේගයෙන් සිදු නොවන බව කී විපක්ෂ නායකවරයා යම් යම් බංකොළොත් කණ්ඩායම් ව්‍යාජ මත සමාජගත කරමින් සිටින බවත්, සමගි ජනබලවේගය ඒවාට නොසැලෙන බවත් කීය.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment