ගෝඨාභය කියා ජනපති  කෙනෙක් තවදුරටත් නෑ – ඕමල්පේ සෝභිත නාහිමි

218

ජයග්‍රහණය සාමකාමීව භුක්ති විඳින්න

මහජනතාව ජුලි 9 වැනිදා ලබාගත් අරගලයේ ජයග්‍රහණය සාමකාමී අයුරින් සමරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණෝ පැවසූහ.

තවදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද කියා සිටියහ.

ජුලි 09 වැනිදා මහජනතාවගේ ජයග්‍රහණය මැනවින් ප්‍රකට කරලා තියෙනවා. ඒ නිසා මේ ජයග්‍රහණය සාමකාමීව සමරන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ කියලා තවදුරටත් මේ රටේ ජනාධිපතිවරයෙක් නැහැ. යුද හමුදා බංකරයක, හමුදා කඳවුරක හරි හැංගිලා ඉන්න තැනින් ඇවිත් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළ යුතුයි. එතුමා තවදුරටත් මේ නිලය දරන්නේ නැහැ. ඉල්ලා අස්වෙනවා කියලා. ලබන බදාදා වෙනකම් අපි බලාගෙන ඉන්නවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment