ගෝඨාභය ගත් 32000 ක් ස්ථිර රාජ්‍ය සේවයට

251

සා/පෙළ අසමත් වූවන්ගෙන් බහුකාර්ය කටයුතු සඳහා ගෝඨාභය රාජපක්‍ෂ ජනපති සමයේ බඳවාගත් තරුණයන් තිස් දෙදහසක පිරිසක් රජයේ ස්ථිර සේවයට ලබන වසර මුලදී එක්කර ගන්නා බව ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (09දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම පිරිස විවිධ රාජ්‍ය ආයතනවලට අනියුක්තව දැනට රාජකාරි කරන බවත් මනා පුහුණුවක් ලබාදී ඇති බවත් හෙතෙම කීවේය.

මෙම පිරිසෙන් කොටසක් විදේශ රැකියා සඳහා යෙදවීමට මේ වනවිට සියලු සැලසුම් ක්‍රියාත්මක කර ඇති බවද, රජයේ ස්ථිර සේවයේ සිටියදී විදේශගත වීමට අවශ්‍ය වෘත්තීය කුසලතා විභාගවලට ඔවුන් යොමුකර සහතිකද ලබාදී ඇති බවද රාජ්‍ය ඇමැතිවරයා මන්ත්‍රීවරයෙකු නැඟූ පැනයකට පිළිතුරු දෙමින් කියා සිටියේය.

රනිල් ධර්මසෙන, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment