ගෝඨාභය මාලදිවයිනෙන් සිංගප්පූරුවට යයි

143

මාලදිවයිනේ රැඳී සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (14 දා) දහවල් සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිංගප්පූරුවට යෑමේ අපේක්‍ෂාවෙන් සිටි ජනාධිපතිවරයාට ආරක්‍ෂක හේතූන් මත මගී ගුවන් යානා දෙකක් මග හැරී තිබෙන බවද එම වාර්තා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිංගප්පුරුව බලා පිටත්ව ගිය පසු ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත නිල වශයෙන් යොමු කිරීමට නියමිත බව පැවසේ.

ජනාධිපතිවරයා සමග ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්‍ෂ මහත්මියද සිංගප්පූරුවට යෑමට පෙර මාලදිවයිනේ තරුපංතියේ හෝටලයක රැඳී සිට තිබේ.

මාලදිවයින වෙලානා ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් සවුදි අරාබියා එයාර් ලයින් සේවාවට අයත් ගුවන් යානාවකින් ජනාධිපතිවරයා ඇතුළු පිරිස සිංගප්පූරුවට පිටත්ව ගොස් ඇති අතර මාලදිවයිනේදී ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාට එරෙහිව එරට සිටින ශ්‍රී ලාංකිකයෝ පිරිසක් උද්ඝෝෂණයකද නිරත වූහ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment