ගෝඨාභය 24 වැනිදා  ශ්‍රී ලංකාවට එනවා

141

දැනට තායිලන්තයේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹෙන 24 දා මෙරටට පැමිණීමට නියමිත බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ඊයේ (17 දා) මාධ්‍යට කීවේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරියකු වශයෙන් දක්ෂ චරිතයක් වුවත් දේශපාලනඥයකු ලෙස අසාර්ථක පුද්ගලයකු බව පැවසූ වීරතුංග මහාත ඔහු නැවත දේශපාලනයට අවතීර්ණ නොවුණත් රටට සේවය කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි ද කීවේය.

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ (17 දා) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ පිටව යන අවස්ථාවේදී උදයංග වීරතුංග මහතා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු සපයමින් මෙම කරුණු අනාවරණය කළේය.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment