ගෝඨා,මහින්ද සහ බැසිල්ට එරෙහි පෙත්සම් විභාගයට

253


ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 203ක්ව පවත්වාගෙන යාමට නොහැකිවීම සම්බන්ධව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ,හිටපු මුදල් ඇමැතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති පෙත්සම් විභාගයට අද අවසර ලැබුණි.අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනීමට නියමිතය.ට්‍රාන්ස්ෆෙරන්සි ඉන්ටර් නැෂනල් ආයතනය ඇතුළු සංවිධාන 03කි විසින් ඉදිරිපත්කර ඇති පෙත්සම් සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද මෙම නියෝගය නිකුත් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment