ගෝඨා අත්අඩංගුවට ගන්නැයි සුකාගෙන් සිංගප්පූරු නීතිපතිට පිටු 63ක පැමිණිල්ලක්

467

හිටපු ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වහාම අත්අඩංගුවට ගෙන නඩු පවරන ලෙස ඉල්ලමින් ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේ උසස් නිලධාරිනියක වූ යස්මින් සුකා පිටු 63 ක පැමිණිල්ලක් සිංගප්පූරු නීතිපති වෙත ඉදිරිපත් කර ඇත.

ඔහුට ජනපති වරප්‍රසාද අහිමි වී ඇති බවත් විශ්ව අධිකරණ පද්ධතිය යටතේ මෙම නඩු පැවරීම කරන ලෙසත් දන්වා සුකා, හිටපු ජනාධිපතිවරයාට එරෙහිව චෝදනා එකින් එක සඳහන් කර තිබේ.

ඇය සිය පැමිණිල්ලේ සාක්කිකරුවන් ද දක්වා ඇතත් ඔවුන් කවුදැයි හෙළිකර නැත.

සිංගප්පූරුව විශ්ව අධිකරණ පද්ධතියට එකතු වූ රටකි. එහෙත් සුකාගේ ඉල්ලීමට සිංගප්පූරු නීතිපතිවරයා මේ දක්වාම ප්‍රතිචාර දක්වා නැත.

මාලදිවයිනේ ගැන්ෂි දූපතේ සිට සිංගප්පූරුවට ගිය හිටපු ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දින 15 ක සිංගප්පූරු වීසා බලපත්‍රයක් ලැබුණු අතර මේ වනවිට ඔහු කුමන රටක සිටින්නේද යන්න හෙළිවී නොමැත. එහෙත් ආරංචිමාර්ග දක්වන්නේ ඔහු ඩුබායි රටේ සිටින බවයි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment