ගෝඨා අද ගෙදර යයි!

628

ධුර කාලය නිමවීමට පෙර ඉල්ලා අස්වන ප්‍රථම සහ එකම ජනපති!

මෙරට 7 වැනි විධායක ජනාධිපතිවරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා අද ඇසළ පෝදා (13දා) සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතය.

මෙරට ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රමාණයකින් ජයගත් ජනාධිපතිවරයා මෙන්ම සිය ධුර කාලය නිමවීමට පෙර ඉල්ලා අස්වූ ප්‍රථම සහ එකම ජනාධිපතිවරයා ලෙසට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතිහාස ගතවනු ඇත.

ජනාධිපතිවරයා අද ඉල්ලා අස්වෙන බව තමාට දැනුම් දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය 09 වැනිදා සවස ප්‍රකාශ කළේය.

2019 නොවැම්බර් 16 වැනිදා පැවති ජනාධිපතිවරණයේදී ඡන්ද හැටනමලක්ෂ විසිහතර දහස් දෙසීය පනස් පහක් (6,924,225) සහ සියයට 52.25ක ප්‍රතිශතයක් ලබාගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට 7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්විය.

2019 නොවැම්බර් 18 වැනිදා අනුරාධපුර රුවන්වැලි මහාසෑය පරිශ්‍රයේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා 7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

ඒ මහතා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ ආරක්ෂක ලේකම්වරයා ලෙස ද කටයුතු කළේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment