ගෝඨා ගෝ ගමට නීතිපති දුන් පොරොන්දුව

285

ගාලු මුවදොර පිහිටා ඇති ගෝඨා ගෝ ගම හි ඇති කිසිදු ඉදිකිරීමක් අධිකරණමය අවසරයක් ලැබෙන තෙක් මස 10 වැනිදා තෙක් ඉවත් නොකරන බවට නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. නීතිපතිවරයා මෙම දැනුම් දීම සිදු කරනු ලැබුවේ ගෝඨා ගෝ ගමින් අද පස්වරු 5 ට පෙර ඉවත් වන ලෙසට පොලිසිය විසින් කර ඇති දැනුම් දීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීමේදීය.

advertistmentadvertistment
advertistmentadvertistment