ගෝඨා පවුල පිටින්ම ඇමෙරිකාවට

518

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පවුලේ සාමාජිකයන් සමග ඊයේ (26දා) ඩුබායි ඔස්සේ ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබේ.

බිරිඳ අයෝමා රාජපක්ෂ, පුතා දමින්ද මනෝජ් රාජපක්ෂ, ලේලිය එස්. ඩී. රාජපක්ෂ සහ මිනිබිරිය ඩී. එච්. රාජපක්ෂ සමග ඒ මහතා පිටත්ව ගොස් තිබුණි.

මෙම පිරිස එමිරේට්ස් ගුවන් සේවයේ ඊ. කේ.- 649 දරණ ගුවන් යානයෙන් ඊයේ අලුයම 02.55 ට කටුනායක ගුවන් තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ පිටත්ව ගොස් තිබේ.
කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment