ගෝල්ෆේස් අරගලකරුවෝ පිරිසක් සජිත් හමුවෙති

222

ගෝල්ෆේස් අරගලකරුවන් පිරිසක් ඊයේ 18දා) විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී ඇත.

පාර්ලිමේන්තුවේදී අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීමේ කාර්යය සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය මෙහිදී විපක්‍ෂ නායකවරයා වෙත දන්වා තිබේ. එහිදී විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා එම පිරිසට දන්වා ඇත්තේ තමා හෝ සමගි ජනබලවේගය කිසිවිටෙක අරගලයේ අභිමතාර්ථ පාවා නොදුන් බවයි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ද සහභාගි වී ඇති අතර අරගලයේ නිරත අන්තර් විශ්වවිiාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා ඇතුළු පිරිසක් සහභාගි වී ඇත.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment