ගෝල්ෆේස් අරගලයට දින 38යි – අරගල භූමිය වෙසක් කලාපයක් වෙයි

324

ජනාධිපතිවරයාට වහා ඉවත්වන ලෙසට බලකරමින් සහ ගෑස්, ඉන්ධන, විදුලිය අර්බුදයට වහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් කොටුව ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන අඛණ්ඩ විරෝධතාව අද (16 දා) 38 වැනි දිනයටත් ක්‍රියාත්මක වේ.

ගෝල්ෆේස් අරගලයට දින 38යි - අරගල භූමිය වෙසක් කලාපයක් වෙයි

ඊයේ 37 වැනි දිනයටත් ක්‍රියාත්මක වූ අරගල භූමියේ වෙසක් පොහොය නිමිත්තෙන් වෙසක් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබිණි. මෙහිදී අරගලකරුවන් දාන, ශීල, සමාදාන ඇතුළු ආගමික කටයුතුවල නිරත වූහ.

ඊයේ උදේ භික්‍ෂූන් වහන්සේලා වැඩම කරවා ධර්ම දේශනාමය වැඩසටහනක් පවත්වනු ලැබිණි.

වෙසක් උත්සවය සැමරීම සඳහා අරගල භූමියේ රැඳී සිටින විරෝධතාකරුවන් වෙසක් පහන් කූඩු තනමින්, වෙසක් සැරසිලි කරමින් තිබෙනු දැකගත හැකිවිය. අරගල භූමියම බෞද්ධ කොඩිවලින් සහ පහන් කූඩුවලින් අලංකාර වී තිබෙනු දක්නට ලැබිණි. වෙසක් වැඩසටහන් රාශියක් ඊයේ දවස පුරා ක්‍රියාත්මක කෙරිණි.

මීට අමතරව වෙසක් දන්සල් කීපයක්ද අරගල භූමියේ පැවැත්විණි. එසේම අරගල භූමියට විශාල පිරිසක් එක්ව සිටි ආකාරය දැකගත හැකිවිය.

මේ අතර අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැත්වෙන භධෘෑ්ඛ ගම විරෝධතාවයද ඊයේ වෙසක් පොහෝදාද ක්‍රියාත්මක විය.

එහි අට්ටාලවල රැඳී සිටින විරෝධතාකරුවන්ද වෙසක් උත්සවය සැමරීම සඳහා පහන් කූඩු තනමින් සූදානම් වන ආකාරය දැකගත හැකිවිය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment