ගෝල්ෆේස් අරගලයට දින 40යි: ඩිජිටල් තොරණක් හා බෞද්ධ චිත්‍රපටයක් ප්‍රදර්ශනයට

110

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට වහා ඉවත්වන ලෙස බලකරමින් කොටුව ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන අඛණ්ඩ අරගලය අද (18දා) 40 වැනි දිනටත් ක්‍රියාත්මක වේ.

පෙරේදා (16දා) රාත්‍රියේද අරගල භූමියේ වෙසක් බැති ගී ප්‍රසංගයක් පැවැත්විණි. මීට අමතරව දර්ශනීය ඩිජිටල් බෞද්ධ චිත්‍රපටියක්ද වෙසක් තොරණක් ද මහජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය කෙරිණි. අරගල භූමිය තුළ දන්සැල් කීපයක්ද සංවිධානය කර තිබෙනු දැකගත හැකිවිය. මේ අතර අරලියගහමන්දිරය අසල ක්‍රියාත්මක විරෝධතාවද තවදුරටත් පැවැත්වෙයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment