ගෝල්ෆේස් අරගලයට දින 45 යි

200

ජනාධිපතිවරයාට වහා ඉවත්වන ලෙසට බල කරමින් සහ ගෑස්, ඉන්ධන, විදුලිය අර්බුදයට වහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් කොටුව ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන නිර්පාක්‍ෂික ආදරයේ අරගලය අද (23 වැනිදා) 45 වැනි දිනයටත් ක්‍රියාත්මක වෙයි.

පෙරේදා (21 වැනිදා) අප අරගල භූමියේ සැරිසරන අවස්ථාවේ විශාල පිරිසක් එක්ව සිටිනු දැකගත හැකි විය.

මෙහිදී පැමිණි පිරිස් හට සීනි සම්බල් පාන්, බිස්කට්, කොස්, බත් දන්සල් පැවති අතර, පිපාසය සංසිඳුවීමට වතුර බෝතල් ද ලබා දෙන ආකාරය දක්නට ලැබිණි.

අරගල භූමිය ප්‍රධාන වේදිකාවේදී අලුත් අනාගතයක් අපට අවශ්‍යයි යන පුවරු අතැතිව ගොළු බිහිරි පුද්ගලයන්ගේ සංවිධානයක් සිය විරෝධය පාන්නට විය.

මෙම වේදිකාවේදී අදහස් දැක්වූ අරගලකරුවෝ මෙසේ පැවසූහ.

“මේක නිර්පාක්‍ෂික අරගලයක්. පක්‍ෂ පාට, භේදයකින් තොරවයි අපි මේ අරගලය කරන්නේ. ඒ නිසා මෙතැන දේශපාලනය කරන්න ලෑස්ති වෙන්න එපා. මේ අරගලය දියාරු වෙන්න ඉඩ තියන්න එපා.

“නිර්පාක්‍ෂික ජනමතයක් අපි ගොඩනඟන්න උත්සාහ කරද්දී දේශපාලන කටුකන පිරිසක් ඇවිත් මේක දියාරු කරන්න පහත් විදිහේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරනවා. ආණ්ඩුව මේ අරගල භූමියට ගෑනු ටිකක් එවලලු. මතක තියාගන්න මෙතන ඉන්න කොල්ලො ඔය ගෑනුන්ට අහුවෙන්නේ නැහැ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඥානතිස්ස ජයවර්ධන, ප්‍රියන්ත මද්දුමආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment