ගෝල්ෆේස් අරගලය ඇරඹුණු දා සිට අනතුරට ලක්වූ 20ක් රෝහලේ

464

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට විරෝධය පළ කරමින් කොටුව ගාලුමුවදොර පැවැත්වෙන නිර්පාක්ෂික නොනිදන අරගලය ආරම්භවූ පසුගිය 09 වැනිදා සිට ඊයේ (21 වැනිදා) දක්වා ගතවූ දින 13 තුළ විවිධ අනතුරුවලට ලක්වූ පුද්ගලයින් 20 දෙනකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත්කර ඇතැයි රෝහල් ප්‍රකාශිකාවක් ‘දිවයින’ට පැවසුවාය.

තුවාල ලැබූවන් අතරේ කාන්තාවෝ තිදෙනෙක්ද වෙති.

මෙලෙස තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ අවුරු 22ත් 60ත් අතර වයසේ පසුවන කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවල පදිංචි පිරිසක් බව ද ඇය සඳහන් කළාය.

ලිස්සාවැටීම, උසින් පැනීමට ගොස් වැටීම් පිහි ඇනුම්වලට ලක් කිරීම, කළහකාරී ලෙස හැසිරීම, ආහාර පිසීමට ගොස් පිලිස්සීම, අධික බර ඉසිලීම නිසා කොන්දට හානිවීම හේතුවෙන් මෙම පිරිස රෝහල් ගතකර ඇතැයිද ඈ කියා සිටියාය.

පිහි ඇනුමකට ලක්ව තුවාල ලබා ඇත්තේ පාසල් සිසුවෙකි. ඔහු සහ තවත් සිසුන් පිරිසක් අතර ඇතිවූ වචන හුවමාරුවක් දුරදිග යෑමෙන් එම සිසුවා

ගෝල්ෆේස් අරගලය ඇරඹුණු දා සිට අනතුරට ලක්වූ 20ක් රෝහලේ පිහි ඇනුමකට ලක්ව ඇතැයිද පැවසේ.

අරගලයේ යෙදුණු පිරිස වෙනුවෙන් ගීත ගායනා කරමින් සිටි රැප් ගායකයෙක්ද හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇත. එය එම අරගල භූමියේදී වාර්තාවූ එකම මරණයයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment