ගෝල්ෆේස් උණුසුම් වෙයි – නිල ඇදුමෙන් සහ සිවිල්පිට ආ පිරිසක් ගෝඨාගෝගම කොඩි බැනර් ගලවති

767

‘අපි ඇවිස්සෙන්නේ නෑ’ – විරෝධතාකරුවෝ කියති

ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අබියස ස්ථාපිත කර තිබූ ‘ගෝඨාගෝගම’ අසල විරෝධතාකරුවන් විසින් දමා තිබූ කොඩි, බැනර් ආදිය පොලිසියේ මැදිහත්වීමෙන් ඊයේ (27 වැනිදා) ඉවත් කිරීමත් සමග දැඩි උණුසුම්කාරී තත්ත්වයක් උද්ගත විය.

ගෝල්ෆේස් උණුසුම් වෙයි - නිල ඇදුමෙන් සහ සිවිල්පිට ආ පිරිසක් ගෝඨාගෝගම කොඩි බැනර් ගලවති

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ ආරක්‍ෂාවට යොදවා සිටින පොලිසිය හා අනෙකුත් ආරක්‍ෂක අංශ බලාසිටියදී සිවිල් ඇඳුමින් හා නිල ඇඳුම්වලින් සැරසී සිටි පිරිසක් හා තවත් භට පිරිසක් මෙම විරෝධතා පුවරු හා කොඩි ගලවා ඉවත් කරන ආකාරය වීඩියෝ කර අන්තර්ජාලයට මුදාහැර තිබිණි.

ගෝල්ෆේස් උණුසුම් වෙයි - නිල ඇදුමෙන් සහ සිවිල්පිට ආ පිරිසක් ගෝඨාගෝගම කොඩි බැනර් ගලවති

‘එපා සර්… ඒවා ගලවන්න එපා. ලැජ්ජා නැද්ද සර්. අපි විරෝධතා දක්වන්නෙ ඔයාලා වෙනුවෙන්. පොදු මහජනතාව වෙනුවෙන්. අපි ඔක්කොම දැක්කා, වීඩියෝ කළා.’

ගලවා ඉවත් කළ බැනර් ජනාධිපති ලේකම් කාර්යාල භූමියේ ගොඩගසා තිබිණි.

ඕවා කරලා අපිව ප්‍රකෝප කරන්න හදන්න එපා. අපි කරන්නේ සාමකාමී අරගලයක්. ජනතා අරගලයක්. නිර්පාක්‍ෂික සටනක්. අපි ආදරයෙන් මේ අරගලය පටන් ගත්තෙ. අපි මේ අයත් එක්ක රණ්ඩු වෙන්නෙ නෑ. අපි ප්‍රචණ්ඩ වෙන්නෙ නෑ. මේ අරගලය ජනතාව වෙනුවෙන් ඔබ වෙනුවෙන් ඒක මතක තියාගන්න. අපි ගල් ගහන්නෙ නෑ.

මෙහිදී පොලිස් නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය පරිශ්‍රය තුළ රැඳී සිටි අයුරු දක්නට ලැබිණි. එහිදී විරෝධතාකරුවෝ මෙසේ ද පැවසූහ.

අපි ප්‍රකෝප කරන්නයි හදන්නෙ. අපි ප්‍රකෝප වෙන්නෙ නෑ. දැන් පොලිසියේ ඔය සිවිල් ඇඳගත්තු කට්ටියෙන් දෙතුන් දෙනෙක් ගාලුමුවදොර පිටියට දාලා පොලිසියට ගල් ගස්සන්නත් පුළුවන්. මොනව කළත් අපි මේ පටන් ගත්ත සාමකාමී විරෝධය නතර කරන්නේ නෑ. මහත්තයා දැන් දැක්කාද රඹුක්කනදි වුණ දේ. පොලිසියේ මහත්වරුත් රට ගැන හිතන්න අවශ්‍යයි. කැරලි මර්දන පොලිසිය ද ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ රඳවා සිටියහ.

සමන් ගමගේ සහ ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment