ගෝල්ෆේස් මෙහෙයුම රනිල් හෙළි කරයි

872

* විරෝධතාකරුවන්ගෙන් ඇමරිකානු ගොඩනැගිලි මුදාගත් අයුරින්ම ජනාධිපති ලේකම් කාර්යාලය මුදාගත්තා
* මගේ ගෙට ගිනි තැබූ අවස්ථාවේ ට්විටර් පණිවුඩ නිකුත් නොකිරීම පුදුමයක්
* ගෝඨාගෝගම ඉවත් කළේ නෑ
* විරෝධතා පුළුවන්: ප්‍රචණ්ඩත්වය බෑ
* කොළඹින් ස්ථාන 4ක් දෙනවා – ජනපති තානාපතිවරුන් හමුවේ පවසයි

වැඩබලන ජනාධිපතිවරයා ලෙස සිටින අවස්ථාවේ සිය පෞද්ගලික නිවසට ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇමරිකාව ඇතුළු කිසිදු පාර්ශ්වයකින් ට්විටර් පණිවුඩ නිකුත් නොකිරීම විමතියට කරුණක් යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

ඇමරිකාවේ කැපිටල් ගොඩනැඟිල්ල සහ කොංග්‍රස් මණ්ඩල ගොඩනැඟිල්ල එරට විරෝධතාකරුවන්ගෙන් මුදාගැනීම සඳහා ඇමරිකානු ආරක්‍ෂක අංශ ද කටයුතු කරනු ලැබුවේ අරගලකරුවන්ගෙන් ජනාධිපති ලේකම් කාර්යාලය මුදාගත් ආකාරයෙන් බව ද ජනාධිපතිවරයා විසින් ඇමරිකානු තානාපති ජූලි චංග් මහත්මියට පෙන්වා දී තිබේ.

ඇමරිකානු, බි්‍රතාන්‍ය, ජර්මානු, කැනඩා හා යුරෝපා සංගමයේ තානාපතිවරුන් හා නියෝජිතයන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළ බවත් එහිදී ජනාධිපතිවරයා ඔවුන් හමුවේ මෙම අදහස් ප්‍රකාශ කළ බවත් දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

ජනාධිපති ලේකම් කාර්යාලය මෙරට ප්‍රධාන පරිපාලන ගොඩනැඟිල්ල මෙන්ම රාජ්‍යතාන්ත්‍රික කටයුතු මෙහෙයවන ස්ථානය බවද ජනාධිපතිවරයා විසින් පෙන්වා දී තිබේ. මෙම ස්ථානය ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයක් මෙන්ම වැදගත් ලියකියවිලි රැසක් එහි පවතින බවද එහිදී පවසා ඇති ජනාධිපතිවරයා විරෝධතාකරුවන්ට ඉන් ඉවත්වන ලෙස 14, 18 යන දිනවල පූර්ව දැනුවත් කිරීම් සිදුකර තිබුණ ද, පෙරදින රාත්‍රිය වනතෙක් ඔවුන් ඉවත් නොවීම හේතුවෙන් පොලිසිය හා හමුදාව යොදා ඔවුන් ඉවත් කිරීමට කටයුතු කළ බව ද තානාපතිවරුන් හමුවේ ප්‍රකාශ කර තිබේ.

චමින්ද සිල්වා, ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment