ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් කණ්ඩායම් හතර අතරට

139

ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර අතරට සුදුසුකම් ලබාගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත්විය. එ් පෙරේදා (14 වැනිදා) රාති‍්‍රයේදී පැවැති තරගයේදී දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම කඩුලූ 9කින් පරාජයට පත් කරමිනි.

අදාළ ජයත් සමගින් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත් වෙමින් අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට එක්වුණු තෙවැනි කණ්ඩායම බවට පත්විය. ජැෆ්නා කිංග්ස් පිල තරග 6 කදී ජයග‍්‍රහණ 5 ක් ලබා ප‍්‍රසාද ලකුණු 10 ක්ද සමඟින් ප‍්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ගෙන සිටින අතර තරග 7 කදී ජයග‍්‍රහණ 3 ක් සහ එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් වීම නිසා ප‍්‍රසාද ලකුණු 7 ක් දිනා සිටින දඹුල්ල ජයන්ට්ස් පිල තෙවැනි ස්ථානයේ පසු වේ. කළම්බු ස්ටාර්ස් කණ්ඩායම තරග 3 ක්ද කැන්ඩි වොරියර්ස් කණ්ඩායම තරගයක්ද ජයග‍්‍රහණය කරමින් ප‍්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි සහ පස්වැනි ස්ථානවල පසුවේ.

පෙරේදා පැවැති තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 14දී (අයහපත් කාලගුණ තත්ත්වය මත තරගය පන්දුවාර 14කට සීමා කරන ලදී* කඩුලූ 7ක් දැවී ලකුණු 134ක් වාර්තා කළේය. තරගාවලිය පුරාම ලකුණු අතරට පිවිසීම අසමත්වූ දනුෂ්ක ගුණතිලක ගෝල් ග්ලැඩියේටර්ස් ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දෙමින් පන්දු 12කදී හතරේ පහර 4ක් සමගින් ලකුණු 22ක් රැුස් කළේය. කුසල් මෙන්ඩිස් පන්දු 17කදී හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 35ක් රැුස් කළ අතර භානුක රාජපක්ෂ පන්දු 20කදී හයේ පහර 3ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 33ක් රැස් කළේය.

දඹුල්ල වෙනුවෙන් ඉම්රාන් තහීර් ලකුණු 20කට ගෝල් ග්ලැඩියේටර්ස් කඩුලූ 3ක් සහ ජෝස් ලිට්ල් ලකුණු 29ට කඩුලූ 2ක් බිඳ දැමීය.

ජයගා‍්‍රහී ඉලක්කය හඹා ගිය දඹුල්ල ඉනිම පන්දුවාර 14දී කඩුලූ 5ක් දැවී ලකුණු 125කට සීමා විය. පිල් සාල්ට් පන්දු 29කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 1ක් සමගින් ලකුණු 41ක් සහ ජනිත් ලියනගේ පන්දු 37කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර 5ක් සමගින් ලකුණු 51ක් රැස් කළේය.

සමිත් පටේල් දඹුල්ල ඉනිමේ කඩුලූ 2ක් සහ ඉසුරු උදාන කඩුලූ 2ක් බිඳ දැමීය.

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment